IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සර්දාරි ජනපති වෙද්දී දියණිය ජනපති ආර්යාව

පාකිස්තාන ජනාධිපති ධුරය අසීෆ් අලී සර්දාරිට හිමිවෙද්දී, පාකිස්තාන ‘ජනාධිපති ආර්යාව’ යන නමින් අසීෆ් අලී සර්දාරිගේ දියණිය අසීෆා බූතෝ හැඳින්වීමට තීරණය කර තිබේ.

අසීෆ් අලී සර්දාරි යනු ඝාතනයට ලක් වුණු පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරිය බෙනාසීර් බූතෝගේ සැමියාය. අසීෆ් අලී සර්දාරිට දියණියක සහ පුත්‍රයකු සිටින අතර, පසුගිය පාකිස්තාන මහ මැතිවරණයේ දී ‘පාකිස්තාන ජනතා පක්ෂය’ මෙයෙවූ බිලාවිල් බූතෝ, සර්දාරිගේ පුත්‍රයාය.

සාමාන්‍යයෙන්, ‘ජනාධිපති ආර්යාව’ යන ධුරය පිරිනැමෙන්නේ, ජනාධිපති ධුරයට පත් වන පුද්ගලයාගේ බිරිඳට වුවත්, සර්දාරි වැන්දඹුවකු බැවින්, ‘ජනාධිපති ආර්යාව’ ධුරය දියණියට පිරිනැමීමට සර්දාරි තීරනය කිරීම සුවිශේෂී සිදුවීමකි. පාකිස්තාන ‘ජනාධිපති ආර්යාව’ ලෙස දියණියක පත් වූ පළමු අවස්ථාව මෙයයි. පාකිස්තාන ජනාධිපති ආර්යාවට හිමිවන සියලු වරප්‍රසාද අසීෆා බූතෝට හිමිවෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (2)

සර්දාරි ජනපති වෙද්දී දියණිය ජනපති ආර්යාව

දිමුත් Monday, 11 March 2024 12:09 PM

අම්මා වගේමයි!

:       0       11

Rata Perata Monday, 11 March 2024 12:43 PM

තාත්තලා දූලා ත් එකට ඉන්නවා වගේ .බල තන්හාවට කරන වැඩ

:       5       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site