(රෝහණ සමරවීර)

උඩවලව අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති දැඩි වෙමින් සිටි ඇතින්නක් පහරදීමෙන් එහි සේවකයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති බව උඩවලව පොලිසිය කියයි.

එලෙස මියගොස් ඇත්තේ උඩවලව පනහඩුව වනසූරියගේ ඉෂාර මදුෂංක වනසූරිය නැමැති ව්සි හතර හැරිදි තරුණයෙකි

එම තරුණයා වනජීවී ආයතනයේ අලි බලන්නකු ලෙස සේවයේ යෙදී සිටි අයකු බව පොලිසිය කියයි.

අලි පහරදීම සිදුවූ එදින පෙරවරුවේ මියගිය අය එම ඇතින්නට බුදුන් වැන්ද වීම සදහා බැද සිටි ස්ථානයෙන් පිටතට ගැනීමේදී එම පහර දීම සිදු කර ඇතැයි පොලිසිය කියයි.