IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සෝරත පොඩි හාමුදුරුවෝ ලෙස රඟ පෑ කවීෂ් සසුන්ගත වෙයි

(මොහොමඩ් ආසික්)

සිඳු ටෙලි නාට්‍යයේ සෝරත සාමනේර හිමියන්ගේ චරිතය ඇතුළු ටෙලිනාට්‍ය රැසක චරිත නිරූපනය කළ කවීෂ් විහඟ කුල දරුවා පිළියන්දන සමිර්ධිරතන නමින්  අද (19) පෙරවරුවේ සැබෑවටම  සසුන්ගත වූහ.

මහනුවර මාවතුපොළ පෙතිගෙපිටිය රජ මහා විහාරස්ථානයේදී විහාරාධිපති පූජ්‍ය පරණගම පියරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ විහාරාධිකාරි පූජ්‍ය පරණගම නන්දරතන හිමියන්ගේ මූලිකත්වයෙන්  මෙම  සසුන්ගත වීම සිදුවිය.

කොළඹ පිළියන්දල මාම්පේ පදිංචි සම්පත් මධුසංඛ සහ චතුරිකා ප්‍රියංගනී දෙපළගේ වැඩිමහල් දරුවා වන කවීෂ්  13 වන වියේ පසු වන අතර බම්බලපිටිය ශාන්ත පීතර් විද්‍යාලයේ 9 වන වසරේ ඉගෙනුම ලබමින් සිට තිබේ.

කවීෂ්ගේ එකම  සොයොයුරා වු ඔමේෂ් වත්සල (09) පසුගිය 2023 නොවැම්බර් 25 වනදා මෙම විහාරස්ථානයෙදීම  පිළියන්දල විසුද්ධි රතන නමින් සසුන් ගත වූ අතර   කවීස් විහඟ පිළිියන්දල  සමිර්ධිරතන නමින් අද  දින සසුන් ගත වූහ.

එම සාමනේර හිමිවරුන් දෙදෙනාගේ මව  වන චතුරිකා ප්‍රියංගනී මහත්මිය සඳහන් කළේ, තම පොඩි පුතා මහණ වීමත් සමඟ ලොකු පුතාද නිතර  සාමනේර හිමියන් බැලීම සඳහා විහාරස්ථානයට පැමිණි බවත්  එම අවස්ථාවනවලදි  ටෙලි නාට්‍යයේ  සාමනේර චරිතයක් රඟපෑ ඔහුටත් සැබැවටම   සසුන්ගත වන්නට සිතෙන්නට ඇති බවයි. ඒ අනුව ඔහුගේ ඉල්ලීමට ඉඩ දුන් බවත්ය.

ගුරු හිමියන් වන පූජ්‍ය පරණගම නන්දරතන හිමියන් අප හට  සඳහන් කළේ, පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව  සිටියත් නිසංසල පරිසරයක පිහිටි විහාරස්ථානක මෙම දෙසොහොයුරන් සසුන් ගත වීමට කැමති වූ නිසාත් තමන් වහන්සේ මෙම විහාරස්ථානයේදි එම කටයුත්ත සිදු කළ බවයි.

මෙහිදී අප සමඟ අදහස් දැක්වූ සසුන්ගත වූ පූජ්‍ය පිළියන්දල සමිර්ධි රතන සාම නේර හිමියන් සඳහන් කළේ, ටෙලිනාට්‍යෙය් රඟ පෑ චරිතය සැබෑ ජීවිතයේදී අනුගමනය කිරීම තම අරමුණ වූ බවත් රටට  ජාතියට වැඩදායක හිමි නමක් වශයෙන් ඉදිරියට යාමට අදහස් කරන බවත් උන් වහන්සේ කිහ.



අදහස් (0)

සෝරත පොඩි හාමුදුරුවෝ ලෙස රඟ පෑ කවීෂ් සසුන්ගත වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site