IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සරත් 22ට ඡන්දය නොදුන් හේතුව කියයි

 

(සුජිත් හේවාජුලිගේ )

දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය නොදුන් තමාට දහනවයේ වගන්ති ගණනාවක්  ඇතුළත්  විසි දෙවෙනි  සංශෝධනයට කොන්ද කෙළින් තබාගෙන  ඡන්දය දෙන්නේ කෙසේදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රශ්න කළේය.

ඔහු මෙසේ පැවසුවේ විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් කළ විමසුමකදීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනවරමක් ලබා දුන්නේ අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට මිස ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට නොවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (10)

සරත් 22ට ඡන්දය නොදුන් හේතුව කියයි

ravin Saturday, 22 October 2022 02:46 PM

කවුරුහරි එක්කෙනෙක්වත් කොන්ද පණතියාගෙන ඉන්න එක හොඳා. සමහරු 17, 18, 19, 20,22 යන සියලු සංශෝධනයන්ට පක්ෂව ඡන්දය දුන්නැයි කියලා මාධ්‍ය තුළින් දැක්කා. ඒ තමා ප්‍රතිපත්තිය.

:       4       116

siri Saturday, 22 October 2022 02:47 PM

"ජනවරමක් ලබා දුන්නේ අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට මිස ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට නොවන බව" ඒකාලයේ ගෝඨාභය මහත්තයාට කීවේ නැද්ද?

:       0       1

Ranjit Saturday, 22 October 2022 03:00 PM

මහින්ද රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, සනත් නිශාන්ත, සිරිපාල ගම්ලත්, අනුරාධ ජයරත්න, සීතා අරඹේපොල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, පවිත්‍රා වන්නිආරච්චි, ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්.එම්. චන්ද්‍රසේන, විමලවීර දිසානායක, රෝහිත අබේගුණවර්ධන, ධම්මික පෙරේරා, එස්.එම්.එම්. මුෂාරෆ්, ජයන්ත කැටගොඩ, ප්‍රදීප් උඳුගොඩ, සංජීව එදිරිමාන්න, නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ, නිපුණ රණවක, සහන් ප්‍රදීප් විතාන, සාගර කාරියවසම්, මහාචාර්ය රංජිත් බණ්ඩාර, ජයන්ත වීරසිංහ යන 26 දෙනෙක් චන්දය විමසු වෙලාවේ පාර්ලිමේන්තුවේ හිටියේ නැත්තේ මොකද අප්පා ? සමහරු ලෙඩවෙලා සමහරු රට පැනලා සමහරු මගුල් ගෙවල් වල ගිහින්. මේ ගොල්ලන්ට රටේ අනාගතය නියම කරන නීති සම්පාදනය මඟුල් කනවා තරම් වැදගත් නැද්ද ? එතකොට චමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මේ වැඩේ හරි ෂෝක් කියල චන්දය දුන්නේ මොකද දන්නේ නැහැ නේද ? අන්තෝ ජටා බහි ජටා.

:       0       1

Rata Perata Saturday, 22 October 2022 03:52 PM

ඒක ඇත්ත. ඊට වැඩිය හොඳයි ගෑණුන්ට ඇඳුම් යවන එක. නැද්ද සරත්..?

:       0       1

ජයන්ත Saturday, 22 October 2022 04:45 PM

19 සංශෝධනයට ඡන්ද දෙන්න මෙයා කොහෙද එතකොට පාර්ලිමේන්තුවෙ හිටියෙ. මල සමයං.

:       81       15

de silva Saturday, 22 October 2022 08:57 PM

අලි මදිවට හරක්.

:       46       1

sanjeewa Saturday, 22 October 2022 09:02 PM

අවුරුදු 35 කට වැඩි සේවා කාලයක් යුද්දෙට සම්බන්ධ වෙලා මොහු සහ මොහුගේ සහෝදරයා විසින් ගොඩ නගාගෙන තිබුණ වීරසේකර පවුලේ කීර්ති නාමය මොහු දේශපාලනයට ඇවිත් අවුරුදු 2කදි විනාශ කරගත්ත ආකාරය දැක්කම මට ඇති වෙන්නේ කණගාටුවක්. අනේ මෙහෙම මෝඩ මනුස්සයෙක් විශ්‍රාම ගිහින් ගෙදර හිටිය නම් කොපමණ වටිනවද?

:       38       3

චමින්ද Sunday, 23 October 2022 07:20 AM

මුන්දැට රාජපක්ෂ සරණන් ගච්ඡාමි හැර වෙනත් කිසිම විකල්පයක් ඇත්තෙම නැහැ ඉතින් කොන්දක් තියෙනවා කිව්වට තියෙනවා කියලා හිතන්න අමාරුයි

:       40       7

sam Sunday, 23 October 2022 08:06 AM

මේකා නටපු නැටුමකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ. ගොන්ටව කොල්ලෝ අතුගාලා දාලා හුඟක් කල් කියලා දන්නේ නැද්ද?

:       27       6

janahitha UAE Sunday, 23 October 2022 10:07 AM

නටපු නැටුමකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ.. ආයෙමත් ඩුබායි නම් එන්න හිතන්න එපා.. බයියන් මෙහෙ තවදුරටත් නැහැ. දැන් ඔයාව ගෙන්නපු අය සිල්රෙදි පෙරවගෙන ආගමික වැඩ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site