(රෝෂන් තුෂාර) 

සිරදඬුවම් ලද හිටපු ඇමති සරණ ගුණවර්ධනට අඩු දඬුවම් ලබාදීම සඳහා අල්ලස් ගත්තේ යැයි කියන කොළඹ මහාධිකරණයේ ආරච්චිවරයාට ආධාර අනුබල දෙමින් කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව ලද මිනුවන්ගොඩ දිසා මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ටාර්වරයා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත. 

සැකකරු අද (2) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.