
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් සොරා ගත් හෝ සැඟවූ රජයේ වත්කම් අය කර ගැනීමට නව පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවට ඉදිරි මාස කිහිපයේදී ඉදිරිපත් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.
සොරා ගත් වත්කම් අයකර ගැනීම, මූල්‍ය අපරාධ වැළැක්වීම ණයහිමියන් සහ ණයගැතියන් ආරක්ෂා කිරීම අරමුණු කරගත් අපරාධ පිළිබඳ පනත් කෙටුම්පත, මුදා ගැනීමේ පුනරුත්ථාපනය සහ බංකොලොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ විගණන පනත (සංශෝධන) පාර්ලිමේන්තුවට මෙසේ ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයේදීය
රජය මර්දන නීති හඳුන්වාදී නැතැයිද හෙතෙම සඳහන් කළේය.
රජය අලුත් දේශපාලනයක් ආරම්භ කර ඇති බව පැවසූ නානායක්කාර මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කළ යුතු පනතක් බවද ප්‍රකාශ කළේය.
ජාත්‍යාන්තර නීතියට ප්‍රඥප්තිවලට ගැලපෙන ප්‍රති ත්‍රස්ත පනතක් නිර්මාණය කර ගැනීම අවශ්‍ය බවද ඔහු සඳහන් කළේය.
භාෂණයේ නිදහසට මේ රජය ගරු කරන බව පැවසූ නානායක්කාර මහතා එම නිදහස තහවුරු කර ගැනීමට ධනාත්මක පියවර ගැනීමට සූදානම් බවද ප්‍රකාශ කළේය.
භාෂනයේ නිදහස සහ අපරාධ කියන්නේ ලඟින් යන කරුණු දෙකක් බවද හර්ෂණ නානායක්කාර මහතා කීවේය.
තම කණ්ඩායම ආණ්ඩුකරණයට අළුත් නමුත් දේශපාලනයට අළුත් නැතැයිද හෙතෙම පැවසීය.
අන්තවාදය ජාතිවාදය පැරදවීමට නීති ගෙන එන බවද ඔහු කීවේය.
පහුගිය ආණ්ඩු නීතිය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක නොකළ බව පැවසූ අධිකරණ අමාත්‍යවරයා ධනය බලය අනුව වෙනස් වන නීතියක් මේ රටට හඳුන්වා නොදෙන බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙළහකටත් හොයාගන්ඩ බැරි විදිහට තැන් තැන් වල හන්ගලා, වෙන අයගේ නම් වලින් තියාගෙන ඇති. ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපු කිසිම එකෙකුට ගැළවෙන්න නොදිය යුතුයි...
ඔය දේවල් කරන ගමන්, නමසිය බර ගණන් වල හදපු නීති අදට ගැලපෙන විදියට අප්ඩේට් කරන්න. ඒ පරණ නීති නිසා තමයි හොරකම් කරන්න බය නැත්තේ මිනිස්සු...
ඩේසි ආච්චිගෙ මැණික් මල්ලත් හොයනවාද….?
රටේම මිනිස්සු බලාගෙන ඉන්නේ ඔබලා ඒක කරනතුරු තමයි. පොල්ගෙඩියේ හා හාල් කිලෝවේ මිල අඩු කරනවාට වැඩිය හොරා කෑව දේශපාලඥයින්ට දඬුවම් දෙන එක රටට අවශ්‍යයි.
ජෙප්පන්ගේ මාධ්‍ය සන්දර්ශන සල්ලි කාබාසිනියා කරමින් සහ රට බෙදුම්වාදීන්ට විකුණමින්…!
කෝ පෙන්නපු ෆයිල් මිටි…? ඒවා ගිහිල්ලා දෙන්න ඒකට… අලුත් පනත් ඕනෑ නෑ. රට බෙදන එක වහන්න… කෝ ෆයිල් මිටි…?
ඒ කියන්නේ උගන්ඩාවේ හංඟපු ඩොලර් ගේනවාද? අපිට මාර විස්වාසයි ඔයගොල්ලෝ ඒවා හොයාගනී කියලා... මොකද කරන්න බැරිනම් කියන්නේ නෑ නේ
අපිත් එක්ක ආනන්දේ හිටියා යාළුවෙක්, තාත්තා ත්‍රිවීල් රියදුරෙක්, රාජපක්ෂ පරම්පරාවේ ඥාතිකමක් තියෙනවා. කොල්ලා විභාගයත් ෆෙල් ඒ වෙද්දී ජනපති මහින්ද. අද කොල්ලා වගේම මුළු පවුලම එංගලන්තයේ. ඒක පාරට කෝටිපතියෝ වුනේ කොහොමද? අන්න ඒවා මේ රජයට හොයන්න ලෙසිවෙන එකක් නෑ. මොකද රාජපක්ෂ ජාලය ඉතාම විශාලයි. ඔය මම කිව්වේ එක උදාහරණයක් විතරයි.
නව පනත් විතරක් මදි ඔය නීති වල තියනවා කියන ගුල් වහන්නත් ඕන එමෙන්ම රජයේ සියලුම ආයතන වල අල්ලස් නීතියට පිටින් කරන ක්‍රියා නැවැත්වීමටත් බරපතල දඬුවම් සහිත නීති අවශ්‍යයි.