IMG-LOGO

සොරාගේ සොර බඩු සොරා ගත්තේ කවුද

(චාපා මධුභාෂිණී)

හිගුරක්ගොඩ නගරයේ වෙළදසල් දෙකක් කඩා එහි භාණ්ඩ  සොරාගෙන ඒ් ආසන්නයේ නවතා තිබූ පාපැදියක පටවාගෙන යන අතර තුර තේ එකක් බීමට කඩයකට ගිය අවස්ථාවේ  තවත් සොරකු එම සොරාගත් භාණ්ඩ සමග යතුරු පැදිය සොරා ගෙන යෑමේ පුවතක් හිඟුක්ගොඩ පොලිසියෙන් වාර්තා වේ

මෙම වෙළසැල් දෙක කැඩූ බව කියන සැකකරු ගලේවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57 පමණ වන විවාහක පුද්ගලයකු වන අතර ඔහු මේවනවිට හිගුරක්ගොඩ නගරයේ නිරන්තරයෙන් ගැවසෙන පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා හිගුරක්ගොඩ රෝහල් හන්දියේ වෙළදසලකට රාත්‍රී කාලයේ රහසිගත ලෙස ඇතුළුවී එහි තිබූ රුපියල් 39,000 පමණ වටින කිරිපිටි සහ සිගරැට්ද රුපියල් 2000 පමණ කාසි රැසක්ද රැගෙන ඒම වෙළදසල ආසන්නයේ නවතා තිබූ පාපැදියක්ද රැගෙන ඒහි මෙම බඩු තොගය රැගෙන යන අයුරු ඒහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබී ඇත.

පසුව මොහු ඒම ප්‍රදේශයේම වෙළදසලක ගබඩා කාමරයකට ඇතුළු වී ඒහි කල් ඉකුත්වූ ටොෆි තොගයක්ද ආහාරයට ගෙන ඇති බවට අනාවරණය වී ඇත.

පසුව මෙම වෙළසැල් දෙකෙහි හිමිකරුවන් හිගුරක්ගොඩ පොලීයට කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ෂණයන්වලදී ආරක්ෂිත කැමරාවේ සිටින මෙම පුද්ගලයා පොලිසිය විසින් හදුනාගෙන අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු මීට පෙර වෙළදසැල් 317 කඩා වසර 17 සිර දඩුවම් ලැබ නැවත පැමිණි පුද්ගලයකු වීම හේතුවෙන් පොලිසියට මොහුව හදුනා ගැනීමට පහසු වී ඇත.

මෙම වෙළදසල් දෙක කැඩූ බව කියන දිනට පෙර දින මොහු අධිකරණයෙන් පුද්ගලික ඇපයක් මත නිදහස්ව පැමිණි අයකු බවටද මූලික විමර්ෂනවලදී අණාවරණය වී ඇත.

සැකකරු හිගුරක්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිදු කළ මූලික පරික්ෂණවලදී අණාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා  රහසිගත ලෙස සොරාගත් කිරිපිටි සහ සිගරැට් තොගය පාපැදියේ පිටුපස ගැටගසාගෙන යමින් සිටියදී ඔහු විසින් තේ ඒකක් බීමට වෙළදැලකට ඇතුළු වී නැවත ඒළියට පැමිණ බලන විට ඒම භාණ්ඩ තොගය වෙනත් අයකු විසින් සොරාගෙන තිබී ඇති බවයි.

තවද මොහු මෙම වෙළදසල් දෙක කැඩීමට පෙර මැදිරිගිරිය ප්‍රදේශයේද වෙළදසල් දෙකක් ද කඩා ඇති බවට අණාවරණය වී ඇත.

 



අදහස් (8)

සොරාගේ සොර බඩු සොරා ගත්තේ කවුද

K d sujeewa Wednesday, 25 January 2023 08:17 AM

ටොෆී ප්ලේන්ටි මේකා ගංජා කාරයෙක්.

:       1       6

පිටිගල මිලානෝ Wednesday, 25 January 2023 08:51 AM

බඩු ෂුවර් එකටම මැදමුලන පැත්තේ ඇති.

:       7       6

Bandara Wednesday, 25 January 2023 08:57 AM

ඇමති තුමා ඒ වෙලාවේ කොහෙද හිටියේ කියලා හොයලා බලන්න.

:       3       4

Perera Wednesday, 25 January 2023 09:51 AM

මයිනාගේ හොරා කාපු සල්ලි වලටත් එකෙක් විද්දේ

:       1       4

කසුන් Wednesday, 25 January 2023 10:20 AM

ඔක්කොමත් හරි පාපැදිය යතුරු පැදියක් වුණේ කොහොමද කියලා හිතමින් ඉන්න මම...

:       1       0

fairoos Wednesday, 25 January 2023 02:08 PM

මූ නම් මාර හොරෙක්නෙ දවසගානෙ කඩවල් කඩන ‌‌කෙනා කොහොමද එලියට ආවෙ?

:       0       1

Ruhunu Wednesday, 25 January 2023 03:32 PM

පොලිසියත් අන්දලා වගේ...

:       0       0

Lal Thursday, 26 January 2023 03:02 AM

පස් පව් වලින් දෙවැන්න, අදින්නාදානයයි. අන් සතු දේ නොගන්න. එය තමන්ට කිසිවිට හොඳ ප්‍රතිඵල නොමදේ.. විපාක භයානකයි. කාට කාටත් එය එසේමයි. ලොකු පොඩි බලසම්පන්නකම් අදාල නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site