
(අංජුල මහික වීරරත්න)
සුරක්ෂා රක්ෂණය යළි ආරම්භ කරන බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.
2017 වසරේ ආරම්භ කෙරුණු සුරක්ෂා රක්ෂණය 2022 වසරේ දී නවතා දැමිණි.
රටේ දරු පරපුර ගැන සිතමින් සුරක්ෂා රක්ෂණය ආරම්භ කිරීම කාලෝචිත කාරණයක් බව කී මාරසිංහ මහතා පාසල් වයසේ සිටින දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම සඳහා මෙමගින් මනා පිටුවහලක් ලැබෙන බව සඳහන් කළේය.
අමාත්‍ය මණ්ඩල තීරණය සඳහන් පරිදි රක්ෂණය සම්බන්ධ විශේෂඥ දැනුමක් තිබෙන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වැනි ආයතනයක් සුරක්ෂා රක්ෂණයට දායක කර ගැනීමට නියමිතව තිබෙන්නේ යැයිද මාරසිංහ මහතා කීය.
මෙම රක්ෂණය යටතේ රජයේ හෝ පෞද්ගලික රෝහලක නේවාසි ප්‍රතිකාර සඳහා රුපියල් ලක්ෂ තුනක් දක්වාත් , බාහිර ප්‍රතිකාර සඳහා රුපියල් විසිදහසක් දක්වාත්, අසාධ්‍ය රෝගී තත්ත්වයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 15 දක්වාත් ප්‍රතිලාභ හිමි වෙන බව ආශු මාරසිංහ මහතා පැවසීය.
සියලුම රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ විශේෂ පාසල සිසුන් සඳහා මෙම රක්ෂණාවරණය හිමිවන බවද පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ආශු මාරසිංහ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක නම සංශෝධනය කරලා යලි ආරම්භ කෙරුවා නම් හරි පිනාගේ චන්ද සුරක්ෂාව කියලා.....
අංශු, ගෙදර සුරතල් බළලා සනීපෙන්ද?
රටට වැදගත් වන තීරණ ප්‍රකාශයට පත්කරන්නෙ එක එකාගෙ පක්ෂ කාර්යාල වලද? රටකට ගිය කලක්, මේවයෙ ගන්න තීරණ වලංගුද? මේ මජර ක්‍රමය නතර කරන්න සුවිශේෂ තීරණයක් ඉදිරි මැතිවරණයයේදි සිදු කරමු.
ගඟ මැද ගව ගාලේ බල්ලොන්ටත් සෞඛ්‍ය රක්ෂණ තිියෙන එකේ හොඳ වැඩක්.
ඒක නෙවෙයි මාරයො ළගකදි බලු පැටියෙක් සුරතල් කළේ නැද්ද බං?
මලමිනියටත් දැන් පන දෙන්න රනිල් හදන්නේ .කොහොමහරි UNP එකට අගේන් වෙන්න යන ලජ්ජාවෙන් ගලවා ගන්න දෙවියනේ