(ඉන්දිකා රාමනායක)
වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට (5) සහ අනිද්දා (6) දෙදින තුළ අමුත්තන්ට හෙට බන්ධනාගාර සිරකරුවන් බැලීම සදහා විශේෂ අවස්ථාවක් ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මෙම දින දෙක තුළ සිරකරුවන්ගේ ඥාතීන් විසින් නිවසේ සිට රැගෙන එන ආහාර පාර්සල් සහ රසකැවිලි එක් අයකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ඇත.
බන්ධනාගාර නීති රීති වලට අනුකූලව නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අමුත්තන් පෙන්වීමට කටයුතු සිදුකන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
දිවයිනේ සියලු බන්ධනාගාර ආයතන විසින් මෙම පහසුකම ලබා දී ඇති බවද චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සිරකරුවන් බැලීමට දින දෙකක්