
(ගයාන් සූරියආරච්චි)
පසුගිය නිදහස් දින වෙනුවෙන් සහ ඉකුත් නත්තල් දිනය වෙනුවෙන් ජනපති සමාව ලබාදීම සදහා අනුමැතිය ලද නම් ලැයිස්තුවේ නොමැති සිරකරුවන් 68 ක් අනීතිකව නිදහස් කර ඇති බව නීති දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පැවැසීය.
ඔහු ඒ බව පැවැසූවේ අද පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ පසුගිය නත්තල් දින වෙනුවෙන් ජනපති සමාව ලබාදීම සදහා අනුමැතිය දී තිබූ නම් ලැයිස්තුවේ නොමැති සිරකරුවන් 57 ක් සහ නිදහස් දින සදහා ජනපති සමාව ලද නම් ලැයිස්තු වේ නොමැති සිරකරුවන් 11 ක් අනීතිකව නිදහස් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ගුණසේකර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට
උනුත් එකයි .මුන්ගේත් නැහැ කිසි වෙනසක් .ඔක්කොම කතා බලයට එනකම් විතරයි
රට පුරා පාතාලය හිස ඔසවන්න හේතුව මීට කලින් හිරෙන් නිදහස් වුන පාතාලය තමයි.