ජයන්ත සමරකෝන්
මෙරට බන්ධනාගාරවල සිරකරුවන් 160 කට පමණ ක්ෂය රෝගය වැළඳී ඇතැයි කොළඹ දිස්ත්රිත් ක්ෂය රෝග හා ළය රෝග ජාතික වැඩසටහනේ වෛද්‍ය ලක්මාල් විජේරත්න මහතා පැවසීය.
මෙයින් ක්ෂය රෝගීන් ලෙස හඳුනාගත් සිරකරුවන් 100 – 120 අතර සංඛ්‍යාවක් වැලිකඩ මැගසින් හා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවල හා කායික අංශ වල සිටින බවද ඒ මහතා කීය.
වැලිකඩ බන්ධනාගාර රෝහලේ මේ අතරින් විශාල පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම අවාසනාවන්ත තත්වයක්. පහසුවෙන් අවධානයට ලක්කර ගැනීමට හැකි එකම තැනකට කොටු වී සිටින පිරිසක් අතරවත් මෙවැනි රෝග වලක්වා ගන්න බැරිනම් කොහොමද විසිරි සිටින පිරිසක් අතර රෝග වලක්වා ගන්නේ. මැලේරියාව, ලංකාවෙන් තුරන් කර දැමුවා සේම ක්ෂය රෝගය, බරවා රෝගය ලංකාවෙන් පහසුවෙන් තුරන් කර දැමිය හැකියි, විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කලොත්. ඩෙංගු මර්දනය කිරීම තමා තරමක් අපහසු.
රන්ජන්ගෙන් අහන්න කොපමණ මන්ත්‍රීවරු ඉන්නවද කියලා...?
තවමත් ලංකාවේ මෙවැනි දේ සිදුවනවා යයි ඇසීමට ලැබීම කණගාටුවට කරුණක්. මෙයට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ රැඳෙවියන් විශාල ප්‍රමාණයක් කුඩා ඉඩක රඳවා තැබීමයි. මෙවැනි රෝග වැළැක්වීම සඳහා රැඳවියන් හට එන්නත් දීම වහා ආරම්භ කළ යුතුයි.