IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සිරකරුවකු හා එක්ව කෝටි ගණන් ඉපැයූ ඇඟළුම් කත රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවකු සමඟ එක්වී ඊෂි කෑෂ් ක්‍රමය උපයෝගී කර සැකකටයුතු අන්දමින්  රුපියල් කෝටි ගණනකට අධික මුදලක් හුවමාරු කළ බව කියන ඇඟලුම් සේවිකාවක ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (23) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ, නාහල්ල, රිදීගම ලිපිනයෙහි පදිංචි රාජපක්ෂ දේවයලාගේ චතුරි ප්‍රදීපිකා ගුණදාස නැමැති ඇඟලුම් සේවිකාවකි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයා විසින් ඉකුත් 2020 වසරේ ජුලි මස 03 වැනිදා කරනු ලැබූ පැමිණීල්ලකට අදාළව මෙම විමර්ශනය ආරම්භ කළ බවත්, 2006 අංක 05 දරන මුදල් විශද්ධීකරණ වැලැක්වීමේ පනත ප්‍රකාරව මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම සැකකාරිය බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවකු වන ‘සමීර’ නැමැත්තකු හා දුරකතනයෙන් සම්බන්ධතා පවත්වා ඇති බවත් මෑතකදී කිහිප වතාවක්ම එම බන්ධනාගාරයට ගොස් එම සැකකරු මුණ ගැසී ඇතිබවට තොරතුරු හෙළිවී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව එම සැකකාරියේ ජංගම දුරකතනයේ වාර්තා කැදවීමට නියෝග ලබා දෙන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීය.

 



අදහස් (0)

සිරකරුවකු හා එක්ව කෝටි ගණන් ඉපැයූ ඇඟළුම් කත රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 39 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site