
(අංජුල මහික වීරරත්න)
බංකොලොත් වූ රට ගොඩගැනීම සඳහා වැරදි නිවැරදි කර ගනිමින් ඉදිරියට යා යුතුව ඇති මොහොතේ ඒ ගමනට වෛරය ක්‍රෝධය මුසු කිරීම බලවත් කණගාටුවට කරුණක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
රට බංකොලොත් වීම ගැන හොයන්නට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී තමා කළ ප්‍රකාශයක් විකෘති කරමින් මුදල් අමාත්‍යංශ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට අපහාස වන සේ ප්‍රචාර පැතිරීම ගැන තම කණගාටුව ප්‍රකාශ කරන බවද පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් වජිර අබේවර්ධන මහතා කීය.
පසුගිය කාලයේ රටේ ඇති වූ තත්ත්වයන් පිළිබඳව පාර්ලිමේන්තුවේ දී ද අවස්ථා කිහිපයක දී කරුණු පැහැදිලි කර ඇතැයි කී වජිර අබේවර්ධන මහතා එම කිසිදු කාරණයක දී තමා කිසිදු මුදල් අමාත්‍යංශ නිලධාරියකුගේ නමක් හෝ සඳහන් කර නොමැති බවත් තමා කළේ දේශපාලඥයන් හෝ රාජ්‍ය නිලධාරීන් අතින් සිදු වූ වැරදි නිවැරදි කර ගැනීම පිළිබඳව අවධානය යොමු කිරීම පමණක් යැයි කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බංකොලොත් රට නිවැරදි මාවතට ගෙන එමින් සිටින විට ඕනෑම රාජ්‍ය නිළධාරියකු හා මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා ඇතුලු රාජ්‍ය නිලධාරීන් නිවැරදි මාවතක ගමන් කරවමින් සිටින බවද අබෙිවර්ධන මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැඳුම්කර වංචාව...
රට බංකොලොත් බවෙන් මුදවා ගන්න ගමන යන්න හදන්නේ රට බංකොලොත් කරපු උන් රකින ගමන් උන්ගේ උපදෙස් වලට අනුව උන්ගෙ හෙන්චයියන් වටකරගෙන රට කරන අයට මේ රට ගොඩ ගන්න බැරි බව ලේඩි පස්සක් තියන ඕනැම එකෙකුට තේරුම් ගන්න පුලුවන්. ඒ නිසා ඔය බයිලා අපට වැඩක් නෑ.
රටම බංකොළොත් කරලා, නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා හිඟාකන තත්ත්වයකට රට පත්කෙරුවේ බලලෝභී, බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවන්. පින් ජනපතියා රට නිවැරැදි මාවතකට පත් කිරීම කෙසේවෙතත් දූෂිත පවුල් පාලනේ අයව ආරක්ෂා කරන බව නම් පේන්න තියෙනවා...
මුගේ මොලේ කචල්
රටේ දරුවන්ගේ සිත් වලට වෛරය, ඊර්ෂාව, ක්‍රෝධය ඇතුල් කලේ පාහර ජෙප්පෝ. රටේ පළාත් නවයට ශ්‍රීමත් ප්‍රේමදාසලා නවදෙනෙක් බිහිවේවා! සජියා හාදය නොවෙයි.