(අංජුල මහික වීරරත්න)

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුව ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

පිටකෝට්ටෙි වත්මන් සිරිකොත ගොඩනැගිල්ල ඉදිකරන ලද්දේ 1980 දශකයේ මුල් භාගයේදී ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා එජාප නායකත්වය දරන සමයේ දී ය.

එජාප උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසූයේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වෙනත් තැනක ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කළ බවත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹුණේ නැති බවත්ය.

ජාතික වතු සේවක සංගමයේ  කාර්යාලය පිහිටි රාජගිරියේ පිහිටි ඉඩමට එජාප පක්ෂ මූලස්ථානය ගෙනයාමට එහිදී  යෝජනා ඉදිරිපත් වූ බව අකිල විරාජ්  කාරියවසම් මහතා සඳහන් කළේය. 

 රාජගිරිය ඉඩමෙි තට්ටු කිහිපයක  ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ආයෝජකයෙකුට පැවරීමටත් එම ගොඩනැගිල්ලේ තට්ටු දෙක තුනක සිරිකොත එජාප මූලස්ථානය ස්ථානගත කිරීමටත් එහිදී යෝජනාවක් ඉදිරිපත් වූ බවද අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් කීය.