
(අංජුල මහික වීරරත්න)
ජනතාවගේ ප්‍රශ්න ගැටලු වලට සවන් දී විසඳුම් ලබාදීම සඳහා සංවිධානය කෙරෙන මහජන දිනය පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් මෙම මහජන දිනය පැවැත්විණි.
මහජන දිනයේ දී ඉදිරිපත් කෙරෙන ප්‍රශ්න සඳහා හැකි උපරිමයෙන් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම මහජන දිනය සතිපතා සංවිධාන කරන බවත් එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අහින්සකයන්
යූ.එන්.පී අනෙකුත් රැස්වීම් වලට වගේම මෙයාටත් සෙනග ගොඩක් සිටින බව පේනවා .මේ ජනතාව තමන්ගේ මුදලත් කාලයත් නැතිකරගන්නයි ඇවිත් තිබෙන්නේ
අනේ මෙහෙම උප්පරවැට්ටි ජනතාවට වැලේ වැල් නැතුව ඉන්න වෙලාවේ එයාලා උප්පර වැට්ටි දානවා
පහුගිය දවස් වල නම් කැරට් අල ලාබෙට තිබුණා. හැබැයි දැන් කැරට් ගණන් නම් නම් තණකොළ මිටිය ගානේ දෙන්න පුලුවන්නේ.
රටක හෝ පක්ෂයක නායකත්වයට තබා මී හරක් පට්ටියක නායකත්වයටවත් නුසුදුසු පුද්ගලයකු නායකත්වයට ගෙනඒමට දඟලන දැඟලිල්ලක්...!
මහ සෙනගක් , සෙනග දැක්කම පේනව මහ කෙප්පයක් කියල
මුන් මහජනතාවට සලකන්නෙ කොන්ඩම් තියරියට . බලය තිබ්බ කාලෙත් ඔය විදියට ගේට්ටු ඇරලා තිබ්බනම් අද 2.5% ගොඩට නොවැටෙන්න තිබ්බා
මගේ ප්‍රශ්නය-පොදු ප්‍රවාහන සේවය අකාර්යක්ෂමයි. ලංගම ප්‍රයිවට් දෙකම. වේලාවට දුවන්නේ නෑ. සෙනග පටෝනවා ධාරිතාව ඉක්මවා. තඩි බෆල් හයි කරලා සංගීත සංදර්ශන වගේ. අපිරිසිදුයි බස් ඇතුලේ (විශෙශයෙන්ම ලංගම). සමකයට ආසන්න රටක් වුවද වායු සමනය කල බස් සාමාන්‍ය මිනිසාට හීනයක්. දුම් රිය වේලාවට ධාවනය වන්නේ නෑ. ඒවායෙ ටොයිලට් දහ ජරාව. පෙට්ටි ඇතුලේ මකුලු දැල් කඩල වත් නෑ. ජනතාව ප්‍රශ්න උස්සන් එනකල් ඉන්නේ නැතුව ජනතාව අතරට ගිහින් ප්‍රශ්න හොයපල්ලා. උබලා ගාවට මිනිස්සු වැඩිපුර එන්නේ රස්සා ඉල්ලන් වෙන්නැති. සතියකට දවසක් වත් ප්‍රයිවට් බස් එකක පලයන් රුවන්. එතකොට ප්‍රශ්න තේරෙයි. පොදු වැසිකිලියක් සතියකට වරක් පාවිච්චි කරපන්.
සිරිකොත කියන හොඳ දේවල් විතරද දමන්නේ