IMG-LOGO

සොරකුගේ ප්‍රකාශයකට පානදුර පොලිසියේ දෙකකගෙන් ප්‍රශ්න කරයි

(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් කළ පරීක්ෂණයකට අදාලව පානදුර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයකු අද (13) පස්වරුවේ මහනුවර විශේෂ පොලිස් කණ්ඩායමක්  ප්‍රශ්න කිරීම සදහා රැගෙන ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් මහනුවර විශේෂ පොලිස් කණ්ඩායමක්  සැකකරුවකු අත්අඩංගුවට ගෙන කළ පරීක්ෂණ අතරතුර ලද ප්‍රකාශයක් මත පොලිස් නිළධාරීන් දෙදෙනා පොලිස් භාරයට ගෙන ඇතැයි සදහන් වේ.

මහනුවර විශේෂ පොලිස් කණ්ඩායමක අත්අඩංගුවේ පසුවන සැකකරුව මීට පෙර පානදුර මූලස්ථාන පොලිසිය  අත්අඩංගුවට ගෙන ඇති අතර , එහිදී සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් රණ්භාණ්ඩ තොගයට වඩා වැඩි ප්‍රමාණයක් පානදුර මූලස්ථානය පොලිසිය වෙත භාරදුන් බවට සැකකරු ප්‍රකාශ ලබාදී ඇතැයිද සදහාත් වේ.

ඒ අනුව සැකකරු ප්‍රකාශ කරන පරිදි ඔහු සන්තකයේ තිබූ රණ්භාණ්ඩ පානදුර අපරාධ අංශ නිළධාරීන් දෙදෙනා සිය සන්තකයේ තබාගෙන ඇති බවට ලද සැකය මත පොලිස් නිළධාරීන් දෙදෙනා භාරයට ගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.

 



අදහස් (2)

සොරකුගේ ප්‍රකාශයකට පානදුර පොලිසියේ දෙකකගෙන් ප්‍රශ්න කරයි

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 14 February 2023 07:44 AM

මේ නිලධාරීන් දෙදෙනා සතුව රන් භාණ්ඩ තිබේ දැයි පරීක්ෂණ අවසන් වන තුරු කියන්නට බැහැ. ඒ නිසා එම නිලධාරීන් තවමත් සැකකරුවන් පමණයි.ඒත් මේ රටේ බොහෝ දෙනා දැනටමත් මොවුන් දෙදෙනා වරදකරුවන් කොට ඇතැයි සිතන්නට පුළුවන්.මාධ්‍ය ජීවිතයේ අත්දැකීම් මත මා දන්නා දෙයක් තිබෙනවා.හොරුන් අපරාධකරුවන් පාතාලයන් මංකොල්ල කරුවන් අවංක පොලිස් නිලධාරීන් සමග අමනාපයි.වෛරයි.ඒ නිසා මුදලට අල්ලසට යටකළ නොහැකි අවංක නිලධාරීන් අමාරුවේ දැමීමට මේ වැනි බිහිසුණු චෝදනා අතීතයේ දී ගෙන ආ අවස්ථා තිබුණා. එසේ හෙයින් පරීක්ෂණ කරනා නිලධාරීන් මේ සැකය ඔස්සේද පරීක්ෂණ සිදු කිරීම වැදගත් වන්නේ ය. අප පොලීසියේ වැරදි හා අඩුපාඩු නිතර නිතර පෙන්වා දුන්නත්, අවංක පොලිස් නිලධාරීන් ආරක්ෂා කර ගැනීම අපගේ අභිප්‍රායයි.

:       0       6

Sisira Tuesday, 14 February 2023 10:15 AM

පොලිසිය හොරා වෙලා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 507 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 683 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 278 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site