
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මත්පැන් පානය කර යතුරුපැදියක් පදවා පොලිස් නිලධාරීන් දෙදෙනකුට සාපරාදී බලහත්කාරය පෑ හිටපු යුද හමුදා සෙබලියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ මුණගම දික්හේනගම පදිංචි යුද හමුදාවේ විශ්‍රාමික 38 හැවිරිදි සෙබලියක් සහ හලාවත මාරවිල පදිංචි පනාගොඩ යුද හමුදා කඳවුරේ සාමාන්‍ය සෙබළියක් ලෙස සේවය කර මීට මාස තුනකට පෙර පලා ගිය බව කියන 21 හැවිරිදි තැනැත්තියකි.
මොවුන් දෙදෙනාම යුද හමුදා ක්‍රීඩා අංශයේ සේවය කළ අයවලුන් බව පොලිසිය සඳහන් කරයි
හොරණ මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පානදුර රත්නපුර මාර්ගයේ ඉලිබ හන්දියේ රාත්‍රී 10.30ට පමණ රථ වාහන රාජකාරියේ නිරතව සිටියදී ඉංගිරිය දෙස සිට දෙදෙනෙකු පැමිණි ස්කූටර් වර්ගයේ යතුරුපැදිය නැවතීමට සංඥා කර තිබූ බව පොලිසිය කියයි.
එම සංඥාවලට අවනත නොවූ සැකකාර පැදිකාරිය පොලිස් නිලධාරීන් පසුකර කටුහේන අතුරු මාර්ගයට යොමු කර පලායාමේදී පොලිස් නිලධාරීන් දෙදෙනාද පොලිස් යතුරු පැදියෙන් මීටර් 300ක පමණ දුරක් පසුපස හඹා ගොස් සැකකාරියන් දෙදෙනා නවත්වාගෙන යතුරු පැදියේ යතුර සිය භාරයට ගැනීමට කටයුතු කර ඇත
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සූර් වී පොලිසියට පාට් දැමූ හිටපු සෙබළියන් දෙදෙනා අත්අඩංගුවට
බද්‍රානි Friday, 01 March 2024 08:01 AM
වහාම මොවුන්ගෙ හිසට වෙඩි තබා තත්වය සමනය කර යුතුයි. රණවිරුවො නෙ