
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මත්පැන් පානය කර යතුරුපැදියක් පදවා පොලිස් නිලධාරීන් දෙදෙනකුට සාපරාදී බලහත්කාරය පෑ හිටපු යුද හමුදා සෙබලියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ මුණගම දික්හේනගම පදිංචි යුද හමුදාවේ විශ්‍රාමික 38 හැවිරිදි සෙබලියක් සහ හලාවත මාරවිල පදිංචි පනාගොඩ යුද හමුදා කඳවුරේ සාමාන්‍ය සෙබළියක් ලෙස සේවය කර මීට මාස තුනකට පෙර පලා ගිය බව කියන 21 හැවිරිදි තැනැත්තියකි.
මොවුන් දෙදෙනාම යුද හමුදා ක්‍රීඩා අංශයේ සේවය කළ අයවලුන් බව පොලිසිය සඳහන් කරයි
හොරණ මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පානදුර රත්නපුර මාර්ගයේ ඉලිබ හන්දියේ රාත්‍රී 10.30ට පමණ රථ වාහන රාජකාරියේ නිරතව සිටියදී ඉංගිරිය දෙස සිට දෙදෙනෙකු පැමිණි ස්කූටර් වර්ගයේ යතුරුපැදිය නැවතීමට සංඥා කර තිබූ බව පොලිසිය කියයි.
එම සංඥාවලට අවනත නොවූ සැකකාර පැදිකාරිය පොලිස් නිලධාරීන් පසුකර කටුහේන අතුරු මාර්ගයට යොමු කර පලායාමේදී පොලිස් නිලධාරීන් දෙදෙනාද පොලිස් යතුරු පැදියෙන් මීටර් 300ක පමණ දුරක් පසුපස හඹා ගොස් සැකකාරියන් දෙදෙනා නවත්වාගෙන යතුරු පැදියේ යතුර සිය භාරයට ගැනීමට කටයුතු කර ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම මොවුන්ගෙ හිසට වෙඩි තබා තත්වය සමනය කර යුතුයි. රණවිරුවො නෙ