IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සුරා බලපත්‍ර ගාස්තු වැඩි කළාට විරෝධයක්

(සුජිත් හේවාජුලිගේ)

සුරා බදු බලපත්‍ර ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන්මත්පැන් නිෂ්පාදන ආයතන රැසක් රජයටත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයාටත් දැඩි විරෝධය පළ කර ඇත.

මත්පැන් නිෂ්පාදනය අඩු වී ඇති අවස්ථාවක මෙලෙස බලපත්‍ර ගාස්තු මුදල් වැඩි කිරීමෙන් ආයතන පවත්වාගෙන යෑම ගැටළුවක් බව එම මත්පැන් නිෂ්පාදන ආයතන හිමිකරුවෝ පෙන්වා දෙති.

ජනාධිපතිවරයා දිවයිනට පැමිණි වහා ඒ සම්බන්ධයෙන් ඔහු සමඟ සාකච්ඡා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු ලබන ජනවාරි මස 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා ඇත. මේ අනුව ස්කාරකාර බලපත්‍ර ගාස්තුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වනු ඇත.

එම ගාස්තුව මීට පෙර පැවතුණේ ලක්ෂ දහයක් වශයෙනි.

 



අදහස් (6)

සුරා බලපත්‍ර ගාස්තු වැඩි කළාට විරෝධයක්

ranjith Monday, 15 January 2024 07:54 AM

උට නම් සහන දේවි

:       1       6

Lakmal Monday, 15 January 2024 08:05 AM

කරැණාකර අඩු කරන්න එපා. අඩු කරනවනං ඊට කලින් විදුලි බිල අඩු කරන්න.

:       1       7

Pradeep Kumara Monday, 15 January 2024 08:34 AM

මත්පැන් නිෂ්පාදනය කරන සමාගම් 11ම රජයට අයවිය යුතු අති විශාල බදු මුදලක් ගෙවීම මේ වනවිටත් පැහැර හැරලා තියේන්නේ. නමුත් නිෂ්පාදන වල මිල නම් ඉහල දැමීමට මොවුන් පසුබට වෙන්නේ නෑ. නීතිය ක්‍රියාත්මක කරන්නත් බෑ, ඔක්කොම අය ආණ්ඩුවේ හිතවත්තු නිසා.

:       0       9

W H චන්ද්‍රසිරි Monday, 15 January 2024 02:00 PM

සංශෝධිත මත්පැන් බදු මුදල අඞු කිරිමට ප්‍රථම විදුලි ගාස්තුව අඞු කරන්න.

:       0       5

Bamunuarachchi Monday, 15 January 2024 05:26 PM

රත්තරන් බිත්තර දාපු කිකිළිට කරපු දේ තමයි මේ අය මත්පැන් වෙළදාමට කරන්න යන්නේ? තැලෙන යකඩේ දකින ආචාරියා පස්ස උඩදාගෙන තලනවාලු...

:       0       0

Nihal Tuesday, 16 January 2024 07:45 AM

ඔය සමගම 11 වැසුවාට වරදක් නැහැ... එතකොට ප්‍රේමදාස ජනාධිපති වෙලා කළ ව්‍යාපෘති 15000 වගේ ගමකට එකක් බැගින් නිෂ්පාදන ආයතන වැඩිවේවි... පාලු කුඹුරු හිමියන් වගා නොකළ ඉඩම් හිමියන් ගමේ නිෂ්පාදන විකිණීමට මඩු හැදීමට කුඹුරු හා පාලු ඉඩම් බදුදේවි... රැකියා ප්‍රශ්නය තරමක් විසඳේවි... වැටලීමට එන අයටත් සතියකට කීයක් හරි ගන්නත් පුළුවන් කියලා හිතෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site