(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජංගම දුරකථනය සොරාගත් සොරුන් දෙදෙනා පසුපස හඹා ගිය පෙදරේරුවෙක් සොරෙකුගේ පිහි ඇනුමකින් මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි
සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ මොනරාගල නමුණුකුල පදිංචිව සිටි කේ එම් ධනුෂ්ක රුවන් කුමාර නැමැති දෙදරු පියෙකි.
ගල්කිස්ස බොරුපණ පැරකුම් මාවතේ ඉදි කරමින් පවතින නිවසක පෙදරේරුවන් දෙදෙනෙක් එම භූමියේ වාඩියක නිදාගෙන සිටියදී අද (29) පුද්ගලයන් දෙදෙනකු වාඩියට ඇතුළුවී ජංගම දුරකථනයක් සොරාගෙන තාප්පෙන් පැන පලා යාමේදී පෙදරේරුවන් දෙදෙනා ඔවුන් දෙදෙනා පසුපස හඹා ගොස් තිබූ බව පොලිසිය කියයි.
මිටර් 100 ක පමණ දුරක් හඹායාමේ ගොස් පෙදරේරුවන් දෙදෙනා සොරුන් දෙදෙනා අල්ලා ගෙන තිබූ අතර එහිදී එක් සොරකු විසින් සඟවා ගෙන සිටි උල් පිහියකින් පෙදරේරුවකු ගේ පපුවට ඇන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd