
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලාංකිකයන්ගේ සහ ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ඇතිව තිරසාර වර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අමතමින් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී අද (21) ප්‍රතිඥා ලබා දුන්නේ ය.
ශ්‍රී ලාංකිකයන් සැමට සාමය සහ සෞභාග්‍යය සහතික කරමින් ඒ ගමන යන බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10ට පමණ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමැතීය.
“2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසාරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන තේමාව යටතේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය 18 වැනි දා ඇරැඹුණු අතර අද ( 21) සමුළුවේ අවසන් දිනයයි.
2030 වන විට විදුලි බලයෙන් 70% පුනර්ජනනීය බලශක්තියෙන් සපයා ගැනීමට ද, වනාන්තර ආවරණය 32% ක දක්වා වැඩි කිරීමටද ඉලක්ක කර ගනිමින් කටයුතු කරන බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයයි මෙයාගේ බංකොලොත් කතායි
මේ ගොයියා බලයට ආවොත් දෙමළුන්ට 13 ලැබෙනවා හම්බයෝ රජ වෙනවා සිංහලයෝ නැවත 1956 පෙර තත්වයට යනවා. අනුරයාට බලය ලැබුනත් ඔයටිකම වෙනවා. සිංහල යෝ විනාසයි.
වෙන කිසිම රටක නායකයෙක් මෙහම "ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ඇතිව" අපි අපේ රට දියුණු කරනවා කියල ප්‍රසිද්දියේ ලැජ්ජාවක් නැතිව කියන්නේ නැහැ , ඒ රටවල් නායකයෝ දන්නවා තමන්ගේ රට දියුණු කරගන්න ,ප්‍රසිද්දියේ හිඟ කන්නේ නැතිව
සියලුම දෙනා කිව්වේ පාර්ලිමේන්තුවේ ඉන්න පොහොට්ටු කට්ටිය සහ ඔයාගෙ වජිර වෙන්න ඇති. නේද ?
හොරු හදපු රටවල් නෑ මනුස්සයෝ. හොරු රටවල් හදන්නෙත් නෑ.
බූරුවෙකුගේ ගොන් කතාවක්ද? නැතිනම් ගොනෙකුගේ බූරු කතාවක්ද? කියලා හිතාගන්න බෑ...
කුඩු ජාවාරම් කාරයින්, මහා පරිමාණ හොරුන් සමග ලෝකයේ ගොඩ නැගූ රටක් නැහැ.