(සුජිත් හේවාජුලිගේ)
නිවාස හා ව්‍යාපාර ස්ථාන ඇතුළු ඉදිකිරීම් කටයුතුවලින් සියයට 60 කට ආසන්න ප්‍රමාණයක් සිමෙන්ති වැලි ගඩොල් ඇතුළු මූලික ඉදිකිරීම් අමුද්‍රව්‍ය වල මිල ඉහළ යෑම නිසා අතරමඟ නැවතී ඇතැයි එම අමුද්‍රව්‍ය අලෙවිකරුවෝ පවසති.
එසේම බැංකු ණය ලබා ගැනීමට නොහැකිවීම සහ ණය පොලිය වැඩි වීම යන හේතු නිසාද ඉදිකිරීම් කටයුතු බොහොමයක් නතරවී ඇති බව ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් සහ ලොකුම ව්‍යාපාරිකයන් සීමිත පිරිසක් පමණක් ඉදිකිරීම් කටයුතු කරගෙන යන නමුත් බොහෝ ඉදිකිරීම් අතරමග නැවතීම නිසා තම ව්‍යාපාර කටයුතු බංකොලොත්වී ඇතැයිද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
මේ හේතුවෙන් සමහර ගොඩනැගිලි අමුද්‍රව්‍ය සපයන ආයතන සම්පූර්ණයෙන්ම වසා දමා ඒවායේ උපකරණ විකිණීමට දමා ඇතැයි වාර්තා වේ.
සමහර නිවාස වලට මූලික පදනම ( foundation) දැමීමෙන් නතර වූ අවස්ථා රට පුරා සුලබවම දක්නට ලැබෙන බව ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිකරුවෝ වැඩිදුරටත් සඳහන් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවල් හැදිල්ල එපා කරවන්නෙ ඉදිකිරීම් කරන බාස්වරු මනින්නෙ හොරට ඩවසක් අවොත් දවසක් එන්නෙ නෑ අමුද්රව්්ය නාස්ති කරනව ලග කවුරුත් නැත්නම් සිමෙන්ටති වැලි යකඩ පන්නනව නයක් ගත්තම වැඩි ප්‍රමානයක් නාස්තිය වැඩක් ඉවරකරන්නෙ නෑ. වැඩිපුර මුදල් අරන් පැනල යනව සියලුම් ඉදිකිරීම් ශිල්පීන් සහතිකයක් දීල නියාමනයකට යටත් කලයුතුයි. අමුදුව්‍ය මිල කෘතිමව ඉහල දාල මෙ සැපයුම් කරුවන් හොදට හම්බකරනව සමාන්‍ය මනුස්සයෙකුට වැඩක් කරගන්න බැරි විදියට.
අමු ද්‍රව්‍ය විතරක්ම නෙවෙයි. ඕක හදල ලයිට් ගත්තා ම බිල ගෙවන්නේ කොහොමද
නන්දසේන සහ නඩය අවුරුදු 2කින් රටට කරපු විනාශයේ තරම. මේ කාලකන්නිකමට හොඳක් සිද්ද වෙන්න නම් නැහැ.
ඉන්ඩ රටක් ඔ්නි. ඒ් නිසා මෙහෙම වුණාට කමක් නෑ. ඔන්න අලු යටින් අපි නැගිටිනවා.