(සුජිත් හේවාජුලිගේ)
මෙරට මත්පැන් පානය සියයට 25 කින් පමණ පහළ බැස ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තු ප්‍රධානීහු පවසති.
පූර්ව කොවිඩ් සමයේදී මෙරට ජනතාව මත්පැන් පානය වෙනුවෙන් දිනකදී රුපියල් කෝටි 50 කට ආසන්න මුදලක් වැය කර ඇති අතර එම මුදල මේ වන විට රුපියල් කෝටි 35 දක්වා පහත බැස ඇතැයිද ඔවුහු සඳහන් කරති.
ආර්ථිකමය වශයෙන් පොදුවේ ජනතාවට ඇති අගහිගකම් මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත .මෙයට අමතරව සමහර පිරිස් නීතිවිරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍යවලට පෙළඹීම , මත්පැන්වලින් ප්‍රතිශක්තිය අඩු වේ යැයි පැවසෙන මතය හා වැඩි වේලාවක් රැඳී සිටිමින් මත්පැන් පානය කළ හැකි අවන්හල් ,තානායම් හා හෝටල් තවමත් විවෘත නොවීම යන ආදී හේතුද මත්පැන් පානය අඩු වීමට බලපා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ජොනීගේ ඡන්ද පදනමට මොකද වෙන්නේ..?
ඉස්සර ගමේ අරක්කු කාරයා ගෙදරට කන්න දුන්නේ අරක්කු විකුණලා, කසිප්පුකාරයත් ගෙදරට කන්න දුන්නේ කසිප්පු විකුණලා.. 70 වසරක අභිමානවත් ලංකා රජය පඩි ගෙවන්නේ අරක්කු විකුණලා කියලා දැනුණාම රටේ දේශපාලකයා රට ගොඩ දාලා තියෙන තරම පෙනෙනවා. දේශපාලනය කරන පක්ෂ, විපක්ෂ, අයියලා, මල්ලිලා, තාත්තලා, පුතාලා, සහෝදරයින් ඔක්කොම එකතු වෙලා හොඳේ..
භාවිතය අඩු වීම නොවේ. මිලදී ගැනීමට මුදල් නොමැති වීම හෝ ආදේශක සඳහා යොමුවීම.
මත්වතුර එපාවෙලා නෙමෙයි... සල්ලි නැතිකම.. ඒ වුණාට සුද්දාට පාඩු වුණා.. මොකද ඔන්ලයින් වලින් හොඳට හම්බ කරගන්නවා. සුද්දගේ මොලේ තමයි දවසකට හරි මොලේ.
ජාතික ආදායමට සවියක් වෙමු... වැඩුර බොමු... අනේ මන්දා..!!!
අරක්කු බොන අය හරිම විකෘතියි... වයස 30, 45 ක පෙනුම...
දැන් මිනිස්සු අරක්කු බීම අතර කසිප්පු බොන්න පුරුදු වෙලා...
කොරෝනා පහව ගිහින් බාර් ඇරපු කාලෙක තමයි හරියටම බලාගන්න වෙන්නේ...