(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වර්ෂය ආරම්භ වී දින ගණනක් ගත වී ඇති මොහොතේ රජය පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇති බවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා එල්ල කළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
වසර 20කට වඩා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයකු ලෙස දිසානායක මහතා මීට වඩා වගකීම් සහගත ලෙස කටයුතු කළ යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
සාමාන්‍යයෙන් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මාර්තු මාසයට පසුව බව පෙන්වා දුන් සියඹලාපිටිය මහතා කියා සිටියේ රජය ඉදිරිපත් කර ඇත්තේ පරිපූරක ඇස්තමේන්තුවක් නොවන බව පැවසීය.
විසර්ජන පනතේ හය එක වගන්තිය යටතේ විශේෂ කරුණක් සඳහා මුදලක් වෙන් කිරීම සඳහා රජයට හැකියාව ඇති බවත් ඒ පිළිබඳ මාස දෙකක් ඉක්ම යාමට පෙර පාර්ලිමේන්තුව දැනුම්වත් කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ඇස්තමේන්තුව ගැහුවත් රටේ මිනිස්සුන්ගේ මුදල් තමයි නාස්ති කරන්නේ.. බන්දුල කිව්වා නිවාඩු මාසෙට ස්කූල් සීසන් එක දෙන්න බෑ කියලා... එහෙනම් කොහොමද රනිල්ට රට යන්න සල්ලි දෙන්නේ..?
ඕක අපිට පරිපූරකද, ඇස්තමේන්තුද කියලා වැඩක් නෑ. ඇයි ඇගයීම් වෙන් කරන්නේ ජනපතිට...? කළින් කරපුවා මදිද? ඒකට විතරක් රිප්ලයි කරන්න විකාර නැතිව...
පොහොට්ටුවේ හොර දූෂිතයෝ ඔලුවෙන් හිටගෙන මොනවා කිව්වත්, ජනතාව ඔවුන් කවුරුවත් විශ්වාස කරන එකක් නැහැ.
නම මොනවා වුණත් අපේ බදු සල්ලි කන්න නේ හදන්නේ? පිනට රට සවාරි යන්න ලක්ෂ 2000යි. ටෙලිකොම් විකුණන වැඩේ කරන්න ලක්ෂ 13000. මේ අය හිතන්නේ අපි හරක් කියලද?
කුමන හේතුවක් මත හෝ ජනවාරි මාසයේදීම නැවත මුදලක් ඉල්ලන්නේ නම් අයවැය ලේඛනය කිසිම වැඩක් නැති කරදහියක් බව නොවේද?
වචනයක් අල්ලගෙන දඟලනවා. පරිපූරක ඇස්තමේන්තුවක් වේවා, විසර්ජන පනත හෝ වේවා, ඊයේ පෙරේදා තිබ්බ අයවැයෙන් සම්මත නොකරගත්, ජනාධිපතිවරයාගේ අමතර වියදම්වලට සල්ලි ඉල්ලීමක් තමයි මේ කරලා තියෙන්නේ...!
අනුර නොදන්න මගුලක් නැහැ... හැමදේම දන්නවා, අවුරුදු 58 දේශපාලනය කලා අවුරුදු 58 වේදිකාවේ මොර දුන්නා ඒත් කිසිම දවසක දේශපාලනය නොකළ කිසිම දවසක වේදිකාවට නොනැග්ග ඝෝඨාභය මහතාට සිංහල බෞද්ධ ඡන්ද ලක්ෂ 69 කින් පරාදයි... ඒ ඇයි? ඒ ඝෝඨාභය නිසා නොවෙයි, සිංහල බෞද්ධයා විය යුත්තේ කොහොමද කියා හිතන විදිහයි...
විශේෂ කරුණක් කියලා මොනවා කිව්වත් මහජන මුදල්...!
සියඹලා කොහොම කිව්වත් වරදක් වෙලා කියලා කියන්න බැරිකමක් නැහැ.. සාමාන්‍යයෙන් අයවැය අනුමතවෙලා වොර්න්ට් බලපත්‍ර ලියන්න පෙරම මෙහෙම වෙන්නේ කොහොමද? එහෙනම් අයවැයේ කුමක් හෝ අඩුපාඩුවක් තියෙනවා කියන්න පුළුවන්...!
මේ කවුරුවත් රටට ආදරය අය නෙවෙයි. මොවුන් වචන එක්ක සෙල්ලන් කරලා ශේප් වෙන අය... මොවුන්ගේ ගිණුම් වල අපේ දුප්පත් සල්ලි ගොඩගහගෙන තොලොන්චි වෙයි. මේ සැරේ කොහොමහරි මොවුන් පන්නමු...!
මේක සුදු හුණු ගාන්නේ කාටද? ලක්ෂ 2000 ක් රට සවාරියට සහ වාහනවලට, අය වැයෙනුත් ලක්ෂ ගණන් සල්ලි වෙන්කරලා තියෙද්දී, මොවුන්ට වැහි නැති හෙන ගහන්න ඕනේ. මිනිස්සුන්ට වේල කන්න නැහැ... බෙහෙත් ගන්න සල්ලි නැහැ...
ඔහු ඔහුගේ වගකීම අකුරටම ඉෂ්ට කරන නිසා තමයි ඔබලාට ඔහු හිසරදයක් වෙලා තියෙන්නේ... පුතාණෝ වගේ ගොබ්බයෙක් වුණා නම් ඔබලාට බොහොම සතුටුයි..