
(යොහාන් භාසුර)
මෙරට ඉන්ධන ව්‍යාපාරය කරන විදේශ සමාගම් වන ‘සයිනොපෙක්’ සහ ආර්.එම්. පාර්ක් යන සමාගම් ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ඉන්ධන ලීටරයකට සියයට 3 ක වට්ටම දීමට පොරොන්දු වූ බව ඉන්ධන පිරවුම්හල්හිමියෝ පවසති.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සියයට 3 ක ටට්ම කප්පාදු කිරීමට සූදානම් වන මොහොතක එම සමාගම් දෙක සියයට 3 ක වට්ටම දීමට එකඟ වීම අගය කළ යුතු බව කී ඉන්ධන පිරවුම්හල්හිමියෝ අයි.ඕ.සී. සහ සිපොට්කෝ යන ආයතන වට්ටම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව ද සඳහන් කළහ.
(ඡායාරූපය: සුමුසු හේවාපතිරණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Petrolium එක කීවේ 3% දෙන්න ලෑස්ති කියල බදු නැතුව. ඉතින් ඒක ගන්නකො බොරු කරන්නේ නැතුව
ආණ්ඩුවේ ලොක්කෙක් කිව්වා 3%කොමිසම කියන්නේ පගාවක් හොරකමක් කියල. ඇයි හොරකම් වලට අනුබල දෙන්නේ? මාළිමාවුනි මේ කොම්පැනියත් වස්සාගමු.
රජයේ ප්‍රතිපත්ති වලට පිටින් විදේශිය සමාගම් කටයුතු කරනවා නම් රජයට තියෙන්නේ ඒ සමාගම් වල බදු වලට තව 3% අධිභාරයක් පනවලා ඒ මුදල් රජයට පවරා ගන්නයි.
ඉන්ධන මිල ඉහල යන යන සැරේට ඒ මිලෙන් 3% ක් මේගොල්ලන්ට දෙන්න ඕනි කියලද මේ කියන්නේ? දන්නා කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරන්න.
මේ මාලිමා කටුව ගත්ත ගමන් කැඩුණා. දැන් උතුර දකුණ මාරු වෙලා. ඡන්දෙ දුන් අපි අතරමං .
සීමාවන් දාන්නේ නැතුව 3% දෙන්න. ඒක ව්‍යාපාරික ලාභය. අනුන්ගෙන් පිනට කකා හිටපු හිඟන්නන්ට ඕවා තේරෙන්නේ නෑ. ව්‍යාපාරිකයන්ට ඉරිසියා කරලා ආයෝජකයෝ ගෙන්න ගන්න බෑ.
සමහරු තිරිසන් ආත්මයක් ලබලා මනුෂ්‍ය වෙසින් උපදිනවා, ඒක සමාජයේ අවාසනාවට සිදුවෙන දෙයක් යෝගා......
දොන් සේතං හා යෝගා නිවැරදි වුණත් එයට අවලාද නගන මොනරවිල ළදරු පාසලකටවත් ගිහිල්ලා නැහැ කියල හිතෙනවා
දැනට පැවති ආකාරය අනුව තෙල් විකුණන මුදලින් 3%ක වට්ටම් පමණක් ඉන්ධන පිරවුම් හලට ලැබුන. එම මුදලින් VAT18% ගෙවිය යුතුයි. එවිට ශුද්ධ වට්ටම 2.56% (100/118×3%)×විකුණුම් මිල. නමුත් නව ආකාරයට තෙල් විකුණන ප්‍රමාණය අනුව , ඉන්ධන පිරවුම් හලේ කාලය සහ තවත් කාරනා අනුව වර්ග කර ලබා දෙන වට්ටම වෙනස් කර ඇත. උදාහරණ. වසර 5ට වඩා කාලය අඩු පිරවුම් හලක් සඳහා පළමු ලෝඩ් 15ට රු.8 ශත ගානකුත් දෙවන ලෝඩ් 15ට රු.7.ශත ගානකුත් ඊට පසු ලෝඩ් සඳහා රු. 4.ශත ගානකුත් අදාළ වේ. මෙතනදි තෙල් වැඩියෙන් අලෙවි කරොත් ලැබෙන වට්ටම පහත වැටෙනව. නමුත් VAT එක නිසා තවත් වට්ටම එයාලට අඩු වෙනව. ඒක පාලනය කරගන්න විකුණන ලෝඩ් ගනන අඩු කරන්න වේවි.
ආයෝජකයන්ගෙයි, වෙළෙන්දන්ගෙයි වෙනසවත් දන්නේනැති බක පණ්ඩිතයා, යෝගා..! නොදන්න මගුල් කියන්න ගිහිං නිකං කිචවෙන්නෙ නැතිව ඉන්න.
බැරි අයගේ බලපත්‍ර අහෝසි කර, සමූපකාර මගින් ඉන්ධන බෙදන ක්‍රමයක් සකස් කරන්න.
Aravinda arawa wila, එහෙම ආදායමක් ලැබූ අය තමයි බෙල්ල වටේ බලකායේ ඉන්නෙත් . නිකන් මිනිස්සුන්ට අපහාස කරන්න එපා. අපි හැමෝටම නිදහස් මතයක් තියෙනවා.