IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


සායන රෝගියාට හෝ ඥාතියකුට පැමිණ බෙහෙත් ගන්න නීතියෙන් අවසර

එෆ්.අස්ලම්

රට තුළ පවතින සෞඛ්‍ය අනාරක්ෂිත තත්වය හේතුවෙන්  ඇදිරිනීතිය පනවා තිබීමෙන්  බදුල්ල පළාත් මහ රෝහලේ සායන සදහා යොමු විය යුතු රෝගීන් 600කට අධික සංඛ්‍යාවකට සායන සදහා පැමිණීමට නොහැකිව සිටීමට සිදුව තිබෙන බව බදුල්ල පළාත් මහ රෝහලේ සම්බන්ධීකාරක වෛද්‍ය ගයාන් කුරේ මහතා පැවසීය.

මෙම රෝගීන්ට ගැටළුවකින් තොරව සායන සදහා යොමුවීමට අවස්ථාව ලබා දෙන ලෙසට රෝහල් පාලනාධිකාරිය විසින් පොලිසියට උපදෙස් දී තිබෙන බවත් එම රෝගීන්ට සායන පොත පෙන්වා බාධාවකින් තොරව රෝහල් වෙත පැමිණිය හැකි බවත් ඔවුන් පැමිණෙන වාහනවලටද ගැටළුවක් නැති බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

පිළිකා,වකුගඩු,දියවැඩියාව,අධික රුධිර පීඩනය කායික රෝග ඇතුළු සායන සදහා දින නියමවී ඇති  රෝගීන්ට  ඇදිරිනීතිය පැනවීමත්  සමග ගමනාගමන ප්‍රවාහන කටයුතු අඩාල වීමෙන් සායන මගහැරී ඖෂධ නොමැතිව නිවෙස්වලට වී සිටීමට සිදුව තිබෙන බවද හෙතෙම කීය.

මේ පිළිබද කරන ලද විමසුමකදී බදුල්ල පලාත් මහ රෝහලේ සම්බන්ධීකරණ වෛද්‍ය ගයාන් කුරේ මහතා මේ බව සදහන් කළ අතර රෝහලේ රෝගී පරීක්ෂාවන් සායන වලදී සුපුරුදුව සිදුවන බවත් මසකට සරිලන ඖෂධ රෝගීන්ට ලබාදීමට කටයුතු කරන බවත් ය.

ඒ අනුව සායන සදහා යොමුවිය යුතුව ඇති රෝගීන්ට  හෝ රෝගියාගේ නිරෝගී සෞඛ්‍ය සම්පන්න  ඥාතියකුට උදෑසන කාලයේ රෝහල වෙත පැමිණ රෝගියාගේ සායන පොත ඉදිරිපත් කර වෛද්‍ය නිර්දේශ මත   රෝගියාට අවශ්‍ය ඖෂධ රැගෙන යා හැකි බවත්  ඖෂධ නොමැතිව නිවෙස්වලට වී නොසිට හැකි ඉක්මනින් ඖෂධ ලබා ගන්නා ලෙසත් ගයාන් කුරේ මහතා අවසන් වශයෙන් සදහන් කර සිටීයි.
 



අදහස් (1)

සායන රෝගියාට හෝ ඥාතියකුට පැමිණ බෙහෙත් ගන්න නීතියෙන් අවසර

C.K.ankaputhra Friday, 27 March 2020 01:20 AM

බදුල්ලට විතරද මේ සහනය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 141 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 78 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 450 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site