IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ බලන්න ජනපති යයි

(අංජුල මහික වීරරත්න)


පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගියේය.

දේවස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා එම දේවස්ථානයේ  රොෂාන් මහේෂන් ප්‍රධාන  පූජකතුමා සමඟ සාකච්ඡාවක නිරත විය.

දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙතෙක් අවසන් නොවීම පිළිබඳ එහිදී කරුණු විමසා සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම ජනාධිපති කාර්යාලයේ ප්‍රතිපාදන මත දේවස්ථානයේ අලුත්වැඩියා කටයුතු කඩිනමින් නිම කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා වෙත උපදෙස් දෙනු ලැබීය.

එම කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහය ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී යුද හමුදාපතිවරයා වෙත දැනුම් දුන්නේය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, රාජ්‍ය  අමාත්‍ය  එස්. වියාලේන්ද්‍රන් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (7)

සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ බලන්න ජනපති යයි

සහරාන් Saturday, 22 June 2024 10:43 PM

ගිය සතියේ මන්නාරම රදගුරු... මේ සතියේ මඩකලපුවේ... තමුන් වටේ යන්නැතිව කොළඹ අගරදගුරු නිවසට යන්නකෝ.... ගිහින් වැඩේ කලේ කාගේ වුවමනාවටද කියලා කෙලින්ම කියන්නකෝ.... පරක්කු වුනොත් හිටං ගොයියා කියයි... එතකොට ඡන්දෙට ගහන්න තියෙන අන්තිම තුරුම්පුවත් ඉවරයි.

:       3       10

ගමේ එකාලා Sunday, 23 June 2024 02:41 AM

පාස්කු ප්‍රහාරය සිද්දවෙන කොට රටේ අගමැති. අවුරුදු 5ක් ගත වුණා. අවුරුදු දෙකක් පින් ජනපති. දැනුයි ඇස් ඇරිලා තියෙන්නේ...

:       2       12

Prabha Sunday, 23 June 2024 02:56 AM

නෝනත් ගිහිල්ලා..!

:       1       10

C.K.Lankaputhra Sunday, 23 June 2024 08:09 AM

බෝම්බ බලකායේ වක්ර කොටස් කාරයින් බෝම්බ වැදුණු තැන් බලන්නත් යනවා. හිහ් හිහ් හී...

:       2       11

සද්දෙ Sunday, 23 June 2024 09:11 AM

ඔය දේවස්ථානේ ගැන ප්‍රහාරේ ගැන කෑගහන කයිය නායකලාත් සද්දේ නැහැ. ආගමික නායකලාත් සද්දේ නැහැ නේද?

:       8       7

සමන් Sunday, 23 June 2024 03:28 PM

ඔයගමන්ම නැගෙනහිර පළාතේ අසරණ වෙලා ඉන්න සිංහල මිනිසුන් ගැනත් ටිකක් හොයලා බැලුවොත් නරකද? දෙමළ මුස්ලිම් ඡන්ද කැඩෙයි කියලා බයද...? අනික් පළාත්වල සිංහලයින් මේවා අවබෝධ කර ගැනීම වටිනවා...

:       2       6

Bamunuarachchi Monday, 24 June 2024 11:37 PM

ඒවා අලුත් වැඩියා කොරන්නේ බදුමුදලින්. මුන්ට හෙනගහන්න ඕනෙ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 526 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site