(ඩයනා උදයංගනී)

මහනුවර සිට මාතර බලා ධාවනය වූ 'සියනෑ කුමාරි' දුම්රිය ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදවීමෙන් මගීහු දැඩි දුෂ්කරතාවයට පත්වූහ.

පසුව මෙම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානය දක්වා වෙනත් දුම්රියක ආධාරයෙන් රැගෙනවිත් නව ඇන්ජිමක් සවිකර ධාවනය කරවන විට පැය දෙකකට වැඩි ප්‍රමාදයක් සිදුව තිබිණි.

මහනුවර දළඳා පෙරහැර නැරඹීමට ගිය ජනතාව හේතුවෙන් දුම්රියේ විශාල පිරිසක් සිටි අතර ඔවුන් මෙන්ම සෙසු දුම්රියවලින් රාජකාරී සඳහා යාමට පැමිණි මගීන්ට ද මේ හේතුවෙන් පැය කිහිපයක් රස්තියාදුවීමට සිදුවිය.