මාර්ග තදබදය අධික ප්‍රදේශවල පිහිටි තවත් පාසල් 20 ක් සඳහා 2023 මුල් මාස තුන තුළ දී මාර්ග සුරක්ෂිතතා උපකරණ ප්‍රදානය කිරීමට සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම පසුගිය දා පියවර ගත්තේය.
සියැට් කැලණි සමාගමේ ‘මග යන මග’ ලෙස නම් කර ඇති පාසල් මාර්ග සුරක්ෂිතතා වැඩසටහන යටතේ සමාගම විසින් මෙම පාසල්වලට උපකරණ 330 ක් බෙදා දුන් අතර ඒවාට මාර්ග සුරක්ෂිතතාව සම්බන්ධ සංඥා පුවරු 150 ක්, මාර්ග කේතු 160 ක් සහ පාසල් රිය නියාමක කබා 20 ක් අයත් වේ. මෙම කැපී පෙනෙන ප්‍රජා වැඩසටහනට සියැට් සමාගම දීර්ඝ කාලීන කැපවීමක් සිදු කර ඇත්තේ සමාගමේ සියලුම නිෂ්පාදන ද මාර්ග සුරක්ෂිතතාව හා සම්බන්ධ වන නිසා යැයි සමාගම පවසයි.
මෙවර මෙම වැඩසටහන තුළින් ප්‍රතිලාභ ලබාගත් පාසල් අතරට කොළඹ 10 ආනන්ද විද්‍යාලය, නුගේගොඩ අනුලා විද්‍යාලය, වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍යම මහා විද්‍යාලය, නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල, කැලණියේ කැලණි මහා විද්‍යාලය, කොළඹ 07 කාන්තා විද්‍යාලය, කඩවත මහාමායා බාලිකා මහා විද්‍යාලය, කොළඹ 03 මහානාම විද්‍යාලය, මහරගම පිහිටි මහරගම මධ්‍යම මහා විද්‍යාලය, මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය, කැලණියේ පිහිටි පෑලියගොඩ රෝ.ක.වි., හෝමාගම ජනාධිපති විද්‍යාලය, කැලණිය ජනාධිපති විද්‍යාලය, කොළඹ 08 රත්නාවලී බාලිකා මහා විද්‍යාලය, වැලිගම සිද්ධාර්ථ විද්‍යාලය, නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය, නුගේගොඩ ශාන්ත ජෝසප් විද්‍යාලය, වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය, හෝමාගම සුභාරතී මහාමාත්‍ය මහා විද්‍යාලය සහ කිරිබත්ගොඩ විහාර මහා දේවී බාලිකා විද්‍යාලය අයත් වේ.
කොවිඩ් වසංගතය නිසා විරාමයක් ලබාගැනීමෙන් පසුව සියැට් විසින් පාසල් මාර්ග සුරක්ෂිතතා වැඩසටහන යළිත් වරක් පසුගිය වසරේ දී ආරම්භ කළ අතර එහි දී උපකරණ පරිත්‍යාග කිරීමේ ආකෘතිය අනුව වැඩසටහන ඉදිරියට රැගෙන ගියේය. මෙම වැඩසටහනේ මුල් අදියරේ දී සෘජුවම සිසු දරුවන්, දෙමව්පියන්, ප්‍රවාහන සම්පාදකයන් එනම් මූලික වශයෙන් පාසල් වෑන් රථ රියදුරන් සමග සම්බන්ධ වූ අතර ඔවුන් වෙනුවෙන් මාර්ග සුරක්ෂිතතා වැඩමුළු පවත්වා සමාගම විසින් දැනුවත් කිරීම් කරන ලදී. එසේම, මෙම වැඩමුළුවලට සමගාමීව සහභාගී වූ සෑම පාසලකටම මාර්ග කේතු, පාසල් රිය නියාමක කබා, මාර්ග සංඥා සහ අනිකුත් අවශ්‍ය උපකරණ සමාගම විසින් ප්‍රදානය කළේය.
595
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සියැට් වෙතින් පාසල් 20 කට මාර්ග සුරක්ෂිතතා උපකරණ