මාර්ග තදබදය අධික ප්‍රදේශවල පිහිටි තවත් පාසල් 20 ක් සඳහා 2023 මුල් මාස තුන තුළ දී මාර්ග සුරක්ෂිතතා උපකරණ ප්‍රදානය කිරීමට සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම පසුගිය දා පියවර ගත්තේය.
සියැට් කැලණි සමාගමේ ‘මග යන මග’ ලෙස නම් කර ඇති පාසල් මාර්ග සුරක්ෂිතතා වැඩසටහන යටතේ සමාගම විසින් මෙම පාසල්වලට උපකරණ 330 ක් බෙදා දුන් අතර ඒවාට මාර්ග සුරක්ෂිතතාව සම්බන්ධ සංඥා පුවරු 150 ක්, මාර්ග කේතු 160 ක් සහ පාසල් රිය නියාමක කබා 20 ක් අයත් වේ. මෙම කැපී පෙනෙන ප්‍රජා වැඩසටහනට සියැට් සමාගම දීර්ඝ කාලීන කැපවීමක් සිදු කර ඇත්තේ සමාගමේ සියලුම නිෂ්පාදන ද මාර්ග සුරක්ෂිතතාව හා සම්බන්ධ වන නිසා යැයි සමාගම පවසයි.
මෙවර මෙම වැඩසටහන තුළින් ප්‍රතිලාභ ලබාගත් පාසල් අතරට කොළඹ 10 ආනන්ද විද්‍යාලය, නුගේගොඩ අනුලා විද්‍යාලය, වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍යම මහා විද්‍යාලය, නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල, කැලණියේ කැලණි මහා විද්‍යාලය, කොළඹ 07 කාන්තා විද්‍යාලය, කඩවත මහාමායා බාලිකා මහා විද්‍යාලය, කොළඹ 03 මහානාම විද්‍යාලය, මහරගම පිහිටි මහරගම මධ්‍යම මහා විද්‍යාලය, මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය, කැලණියේ පිහිටි පෑලියගොඩ රෝ.ක.වි., හෝමාගම ජනාධිපති විද්‍යාලය, කැලණිය ජනාධිපති විද්‍යාලය, කොළඹ 08 රත්නාවලී බාලිකා මහා විද්‍යාලය, වැලිගම සිද්ධාර්ථ විද්‍යාලය, නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය, නුගේගොඩ ශාන්ත ජෝසප් විද්‍යාලය, වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය, හෝමාගම සුභාරතී මහාමාත්‍ය මහා විද්‍යාලය සහ කිරිබත්ගොඩ විහාර මහා දේවී බාලිකා විද්‍යාලය අයත් වේ.
කොවිඩ් වසංගතය නිසා විරාමයක් ලබාගැනීමෙන් පසුව සියැට් විසින් පාසල් මාර්ග සුරක්ෂිතතා වැඩසටහන යළිත් වරක් පසුගිය වසරේ දී ආරම්භ කළ අතර එහි දී උපකරණ පරිත්‍යාග කිරීමේ ආකෘතිය අනුව වැඩසටහන ඉදිරියට රැගෙන ගියේය. මෙම වැඩසටහනේ මුල් අදියරේ දී සෘජුවම සිසු දරුවන්, දෙමව්පියන්, ප්‍රවාහන සම්පාදකයන් එනම් මූලික වශයෙන් පාසල් වෑන් රථ රියදුරන් සමග සම්බන්ධ වූ අතර ඔවුන් වෙනුවෙන් මාර්ග සුරක්ෂිතතා වැඩමුළු පවත්වා සමාගම විසින් දැනුවත් කිරීම් කරන ලදී. එසේම, මෙම වැඩමුළුවලට සමගාමීව සහභාගී වූ සෑම පාසලකටම මාර්ග කේතු, පාසල් රිය නියාමක කබා, මාර්ග සංඥා සහ අනිකුත් අවශ්‍ය උපකරණ සමාගම විසින් ප්‍රදානය කළේය
595
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියැට් වෙතින් පාසල් 20 කට මාර්ග සුරක්ෂිතතා උපකරණ