
(අංජුල මහික වීරරත්න)
සියයට පහකවත් ඡන්ද ප්‍රතිශතයක් නැති අය ජනාධිපතිවරණයට තරඟ කිරීම ජාතික අපරාධයක් යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන පිරිස ඉහළ ගොස් තිබෙන නමුත් ප්‍රධාන අපේක්ෂකයින් දෙතුන්දෙනා හැරෙන්නට අනෙක් අපේක්ෂකයින්ට අඩුම තරමින් සියයට දෙකකවත් ඡන්ද පදනමක් නැතැයි අමාත්‍යවරයා කීය.
සමහරුන්ට තමන්ගේ පව්ලේ අයගේ ඡන්දෙවත් ලැබෙන්නේ නැතැයි ද අමාත්‍යවරයා කීය.
ජනාධිපතිවරණයේ දී තරග කරන අපේක්ෂකයින් විසින් බැඳිය යුතු ඇප මුදල සැලකිය යුතු මට්ටමින් ඉහළ නැංවීම සම්බන්ධව අපි අමාත්‍ය මණ්ඩලය වශයෙනුත් සාකච්ඡා කළ බවත් සියයට 5ක් වත් ඡන්ද පදනමක් නැති පක්ෂ විසින් ජනාධිපතිවරණයට තරග කිරීම මගින් සිදුවන සම්පත් නාස්තිය අවම කිරීම සඳහා සාකච්ඡා කළත් එම නීති සකස් කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් අපරාදේ රනිල් ඉල්ලන්නේ, මොකද UNP එක ගියසැරේත් ගත්තේ මුළු රටේම ඡන්ද 230,000 යි. මේ සැරේත් සොරිම තමයි. මේ ලෝක හොරුත් එක්ක ඉන්න කොට බත් කන මිනිහෙක් රනිල්ට ඡන්දෙ දෙයිද?
කවුරු හෝ ඉක්මනින් නීතියක් සැකසීම කරන්න ඕනෑ සාමාන්‍යයෙන් මැතිවරණ කොමිසමේ සභාපති කියන්නේ එක් අයෙක් වෙනුවෙන් මිලියන 200 ක් වියදම් වෙනවා කියලා ඒ ලිපිද්‍රව්‍ය සඳහා වෙන්න පුළුවන්.. අනෙකුත් වියදම් ගැන බලනකොට මිලියන 300 කට ආසන්න වෙන්න පුළුවන් දැනට 25 දෙනෙක් ඉන්නවා නම් එයින් තිදෙනෙක් 10% ක් ඉක්මවා ගන්න නිසා ඔවුන් ඉවත්කර බැලුවාම 22දෙනෙක් අනවශ්‍යම ජාතික ධනය කාබාසිනියා කරන නිකම්මු කියන්න පුළුවන්... ඔවුන් වෙනුවෙන් වියදම් බැලුවොත් අනවශ්‍ය වියදම මිලියන 4400 ක් වෙනවා හිඟමනට වට්ටවා තිබුණු රටක මෙහෙම නාස්ති කිරීම ජනතාව අනුමත කරනවාද? නැත්නම් එහෙම එවුන්ට උපරිමයෙන් දඬුවම් කරන්න ඕනෑද කියලා සිතාබලන්න... ඒ නිසා එම මුදල් මැතිවරණය අවසන් වුණාට පස්සේ ඔවුන්ගෙන් සමානුපාතිකව අයකළ හැකි නීතියක් පැනවීම කරන්න ඕනෑ ජනාධිපතිවරණය පමණක් නොවෙයි, අනෙකුත් මැතිවරණ අවස්ථාවලදී වුණත් එහෙම කරන්න ඕනෑ... එම මැතිවරණ වෙලාවේ තියෙන මුදල් ලක්ෂ දහයක්වත් වෙන්න නීතියක් අනුමත කරන්න ඕනෑ... ජනතා මුදල් අවභාවිතා කිරීම වැළැක්වීම පාර්ලිමේන්තුවේ වගකීමක් වෙනවා..
අවුරුදු ගානක් තොපිලා පොල් ගෑවද යකෝ ?
ඒවා අමත්‍ය මන්ඩලේ සාකච්ඡා විතරයි. අනිත් ඒවා පැදුරටත් හොරා සම්මත වෙනවා...!
කවුද ඒ තුන් දෙනා? ඔයා කිව්වේ නැත්තේ, ඔයා උදව් කරන රනිලුත් එතැන ඇති.
අනවශ්‍ය අපේක්ෂකයින් ඉදිරිපත්වීම වැළැක්වීමට ආණ්ඩුවට වුවමනාවක් තිබුනේ නෑ. ඇප මුදල ලක්ෂ 32 දක්වා වැඩිකීරීම ගැන කතාකර කර හිටියා මිස ක්‍රියාත්මක කලේ නෑ.මෙහෙම අයද ආයෙත්ඡන්දෙන් පත්කර ගන්නේ.
එක අපේක්ෂකයෙකුට මිලියන 20 යනවානම් එම මුදල නාම යෝජනා දෙන අයගෙන් අයකරන්න ඕනෑ. 75000ක් මොන විහිළුවක්ද?