(උපාලි ආනන්ද)
තවුහිත් ජමාත් සංවිධානයට අයත් සංයුක්ත තැටි 322 ක් ලඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටි මුස්ලිම් ජාතික මාධ්‍යවේදියෙකු වන මොහොමඩ් රිස්වි මහරුෆ් යන අය ශරීර ඇප මත මුදා හැරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් ජනක ප්‍රසන්න සමරසිංහ මහතා නියෝග කළේය.
මෙම මාධ්‍යවේදියාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබූ චෝදනාව පොලිසිය විසින් ඉල්ලා අස් කරගැනීම හේතුවෙන් සැකකාර මාධ්‍යවේදියා මෙලෙස මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සැකකාර මාධ්‍යවේදියා සතුව තිබූ සංයුක්ත තැටි තවුහිත් ජමාත් සංවිධානයට අයත් ඒ බවට මීට පෙර පොලිසිය අධිකරණයට ප්‍රකාශ කළද වැඩිදුර වාර්තාවක් මගින් පොලිසිය අධිකරණය දැනුම් දුන්නේ සැකකාර මාධ්‍යවේදියා සතුව තිබූ සංයුක්ත තැටි තවුහීත් ජමාත් සංවිධානයට අයත් නොවු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පාරටම කණපිට. දේශපාලුවෝ ඇඟිලි ගැහුවද?