
(එච්. චන්දන)
තම සීයා හීනෙන් කියූ මැණික් මල්ලක් ගොඩ දැමීම සදහා නිවස තුළ කැණීම් කරමින් සිටි මුණුපුරෙකු ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකුව අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.
ආරච්චිකට්ටුව - බුරුතකැලේ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස අතර බුරුතකැලේ පදිංචි පිය - පුතු දෙපලක්ද,දූනගහ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු,කොටුගොඩ සහ මාරවිල පදිංචිකරුවන් දෙදෙනෙකු සහ මීමුරේ පදිංචි මන්ත්‍රාචාර්යවරයෙකුද වන බව පොලීසිය කියයි.
පොලීසිය වැටලීම කරන විට නිවස තුළ අඩි 18 ක් පමණ කැණීම් සිදු කර තිබී ඇත.එම ස්ථානයේ තිබී කැණීම් සදහා යොදා ගත් උපකරණ සහ පූජා භාණ්ඩ කීපයක්ද පොලිස් බාරයට ගෙන ඇත.
නිවසේ කාමරයක් තුළ මැණික් මල්ලක් තිබෙන බවට මිය ගොස් සිටින තම පියා පුතාට හීනෙන් පවසා ඇති බවත්,එම මැණික් මල්ල ලබා ගැනීමේ අරමුණ ඇතිව කැණීම් කටයුතු කළ බව අත්අඩංගුවේ පසුවන නිවසේ හිමිකරු පොලීසිය හමුවේ පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දණ්ඩ නීති සංග්‍රහයේ මොන නීතියද මේකට බලපාන්නේ ?
ඩේසි ආච්චිගේ මැණික් මල්ල ගත්ත උන්ට නම් කිසිම හෙනයක් නැහැ
මට හිතෙනවා මේ වගේ දේවල් වල ලොකු වරදක් නෑ කියලා. මොකද මිථ්‍යා මත වැරැදි වෙන්න පුළුවන්. ඒත් එයාලාගේ ගෙදර... එයාලාගේ මහන්සිය... සල්ලි... ඔය මැණික් මල්ල හමුවුණොත් වැරැදිලා හරි රටටත් හොඳයි නේද? මොකද හිතන්නේ අපේ අනික් අය... මේ වගේ කේස් එකක නීතිය දන්න කෙනෙක් විස්තර කළා නම් හොඳයි. ස්තුතියි...!
රටේ පැරණි නටබුන් සහ රාජධානිවල තිබ්බ බොහෝමයක් නිධන්වලට වුණු දේවල් දන්නෝ දනිති. ඔය හාරපු තැන ඇත්තටම මැණික් මල්ලක් තිබුණත් ඒකෙන් ඒ මනුස්සයා ගොඩයයි. මේ ඉන්න විදිහට හිඟා කකා ඉන්නේ නැතුව...!
රටේ පැරණි නටබුන් සහ රාජධානිවල තිබ්බ බොහෝමයක් නිධන් වලට වුණු දේවල් දන්නෝ දනිති. ඔය හාරපු තැන ඇත්තටම මැණික් මල්ලක් තිබුණත් ඒකෙන් ඒ මනුස්සයා ගොඩයයි. මේ ඉන්න විදිහට හිඟා කකා ඉන්නේ නැතුව...!
තමන්ගේ ඉඩමේ තියෙන වස්තුවක් ඉඩම් හිමිකරුට නැත්නම්... මට තේරෙන්නේ නෑ මේ ඇයි කියලා. මන් අහලා තියෙනවා ඉස්ලාම් ආගමේ නම් යම් කෙනෙකුට බූදලයක් හෝ නිධානයක් තමන්ගේ ඉඩමෙන් හම්බ වුණා නම් 20%ක් රජයට ගෙවන්න ඕනෑ කියලා...!
මෙහෙමත් මෝඩයෝ රැලක් ඉන්න රටක් හදන්නෙ කොහොමද හීනෙන් කිව්වා වුනත් උන්ට කියලා තියෙන්නෙ වත්තේ බිම් කොටා මැණික් ගන්න කියලා වෙන්න පුළුවන් එහෙම කලානම් ආහාර වර්ග මෙතරම් මිලක් තියෙන කාලයේ මැණික් ලැබුනා වගේම තමයි හීනයේ තේරුම හරියට අවබෝධ කරගෙන නැහැ උන්දැලා හිතන්න ඕන උන්ගේ සීයා යමක් කමක් උපයාගෙන හිටපු මිනිහෙක්ද කියලා එහෙම නොකල එකෙකු මැණික් මල්ලක් හැංගුවෙ කොහොමද හිතන්නේ නැද්ද
මේ මැරිච්ච පිස්සු සීයා මොකටද ඕක පොළොවේ වැළලුවේ. තමන්ගේ පුතාට දීලා මැරෙන්න තිබුනනේ. තණ්හාව තමයි. මැරෙනකන් අතහරින්න හිතෙන්න නැතුව ඇති. මේවා රජවරුන්ගේ කාලේ නිදන් නෙමෙයි නේ. තමන්ගේ දෙමව්පියන්ගේ දෙයක්නේ ඉතිං ඇයි මේ මනුස්සයා ඔය මැණික් මල්ල ගත්තාම තියෙන වරද මේ අහේනි කාලේ.