(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සිව් හැවිරිදි එකම දියණිය නිවස පිටුපස ළිඳට දමා ඝාතනය කිරීමට උත්සහ දැරූ සැකකාර මව අත්අඩංගුවට ගෙන හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 20 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වැඩබලන මහේස්ත්‍රාත් චන්දන විජේසූරිය මහතා නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කරන ලද්දේ මොරගහහේන ගුණානන්ද මාවතේ පදිංචි කල්පනී මධුෂානි මද්දුමගේ නැමැති 31 හැවිරිදි තැනැත්තියකි.
දැරිය මිත්තනිය සමඟ නිවසේ මුල්තැන් ගෙයි සිටියදී එකවරම මුලුතැන් ගෙට පැමිණ තිබූ සැකකාරිය දැරියව දෑතින් උස්සාගෙන ගොස් ළිඳට දමා තිබූ බව පොලිසිය කියයි.
වහා ක්‍රියාත්මක වී ඇති දැරියගේ සීයා ළිඳට බැස දැරිය බේරාගෙන තිබූ බව පොලිසිය කියයි.
දැරිය මේ වන විට හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමේ ගැහැණියක් නිසා මැයගේ නම ගම පළවුනා වෙන්න ඇති. මේකේ පසුබිමේ කතාව නම් ඉතාම ඛේදජනක එකක් වෙන්න ඕනෑ.
මෙයට හේතුව මොනවා වුණත් මැයට දැඩි දඬුවම් දියයුතුයි. මන්ද මහ උන්ගේ දේවල්වලට දරුවන් පලි නැති බැවින්...
මොලේ පරීක්ෂා කරලා බලන්නත් ඕනේ
ඒ කාන්තාව එවැනි ක්‍රියාවක් කරන්නට පෙලඹෙන්න හේතුව සොයාබැලිය යුතුයි... බොහෝවිට පවුලේ අරගලයක් හෝ උපරිම දරිද්‍රතාවය වෙන්න පුළුවන්.. ග්‍රාමීය පරිසරයේ අදටත් කසිප්පු උවදුර නිසා බොහෝ පවුල් විනාශ වෙනවා. පහළ ආර්ථික මට්ටමක් තුළ ජීවත්වීම නිසා දුප්පත්කමින් බැට කනවා. මේ අයට උපදෙසක් දෙන්නට හෝ දිරිමත් කිරීමක් තුළින් ඔවුන්ගේ පවුල් තත්වය නගා සිටුවන්න අත දෙන්නේ කීයෙන් කී දෙනාද? අන්තිමේ අන්තවාදී ආගම් කල්ලි වලින් මුදලට බිලි බා ගන්නෙත් මේ කාණ්ඩයේ උදවිය තමයි.
Mahee, ස්තුතියි හොඳම නිදසුන සඳහන් කළාට...
ඔය වගේ මත නිසයි අපේ රටේ අපරාධ වැඩි... වරද කරපු කෙනා අල්ලා එයාගේ වාර්තා ඇවිත් රස පරීක්ෂක වාර්තාව ඇවිත් එ්ක පරස්පරයි කියලා ආයේ ඩී.එන්.ඒ. වාර්තා එනකම් ඉඳලා අන්තිමට ඔය ටික වෙන්න අවුරුදු 10-20ක් විතර ගිහිල්ලා ප්‍රමාණවත් සාක්කි නැහැ කියලා.. රුපියල්1000 දඩයක් ගහලා එ්කව එළියේ... ඔන්න දඬුවම...
අනික මෙක ගැහැණියක් කෙරූ නිසා කටිටිය කුලප්පු වෙලා සාදාරනීකරණය කළාට බලන්න තිබුණා. පිරිමියෙක් කළා නම් නටන නැටිල්ල ඕකා ඔතැනම මරන්න ඕනෑ කියන්නේ ඔය mahee වගේ අයයි.