
(නිමල කොඩිතුවක්කු)
මෙරට පශූ සම්පත් ගොවිපොළවල් 31කට වැඩි ප්‍රමාණයක් තුට්ටු දෙකට විකිණීමට යන බවත් ඒ සම්බන්ධයෙන් මහ ලොකුවට කතා කළත් පිටරට සංචාර ගොස් පැමිණ පසු සමහර සමාජවාදී වීරයන් මීයන් වී ටෙන්ඩර් ක්‍රමයට ගොවිපොළවල් විකිණිමට කැමැති බවට ප්‍රකාශ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.
දේශපාලන කටුස්සන් වාසි පිටට පාට වෙනස් කරන බැවින් ඔවුන් සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ලොකුවට කයිවාරු, පුරසාරම් දොඩන නායකයෝ කවදාවත් වැඩ කර නැති බවත් ඔවුන්ට මෙරට ණය බරතාවට විසදුමක් දිය නොහැකි වැඩ නැති කට විතරක් ඇති බවත් ඔහු සඳහන් කළේය.
සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 104 වැනි අදියට යටතේ පොළොන්නරුව ඇලහැර සෑගල මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කල් කවුරුත් කළේ ඕක තමයි. දැන් අපිට ඕනෙ වෙනසක් ... නිකන් දොඩවන්නේ නැතිව...
හිතේ දුකට කියන කතා...
ළමයි ඉස්සරහා බොරු කියලා කරන වැඩේත් බාල කරගන්නවා. තමන්ගේ මඩ බලකාය හදන බොරු සමාජගත කරන්න එපා... තමුන්නැහැ ඔය කියන සමහර අය ඉන්දියාවට ගියඑක ගැන කලබල වෙලා වගේ... ඒ චාරිකාව ගැන අනුර දිසානායක කරපු සාකච්ඡාව ඇහුවා නම් ඇත්ත වැටහේවි. අනෙක මීයො වුනේ නැහැ පස්සෙත් උද්ඝෝෂණ තිබුණා. අමුල් එක බලන්න ගියේ ඒ අයට ප්‍රතිපත්ති උගන්වන්න නෙවෙයි.
හරියට අර සුජීව සේනසිංහ මහත්තයා එක්ක යනකොට බැඳුම්කර මගඩිය ගැන ගොලුවෙනවා වගේ නේද සජිත් මහත්තයෝ...?
තමන්ගේ මඩ බලකාය හදන මඩ නායකයා ළමුන් ඉදිරිපිට ඇදලාබාලා නිකං සවුත්තු වෙනවා...!
තමුන්නාන්සේගේ භික්ෂු බලකාය පහුගිය දවස්වල සංස්කෘත අරමුදලට ගේම දීපු එක වාර්තා කළා. අර ලිට්රෝ එකේ උපදේශක ලිට්රෝ එකෙන් පඩි ගත්තා.
සමහරක් මීයන් ඉස්කෝලවලට ගිහින් වීරයෝ වෙන්න හදනවා..
කවුද මේ මෝඩ පුතා? ටයර් සෑය වලින් තාත්තා තරුණයින් මරා දමන කොට මෙයා කොහේද හිටියේ?
ඌරු මීයන්ද කොස් ඇට මීයන්ද කීවොත් වඩාත් පැහැදිලි. අපි දකින්නේ කොස් ඇට මීයෝ වෙනවා කියලා.