
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කාලකන්නි කුඩුකාරයන් පිරිසක් ගංජා කාරයන් පිරිසක් අරක්කු බී මැති ඇමැතිවරුන්ගේ නිවාස ගිනි තැබීම නිසා අද සමහර මන්ත්‍රීවරුන් මේ සභාවට එන්නේ අනුන්ගේ ඇඳුම් ඇඳගෙන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය.
මේවාට උල්පන්දම් දුන් දේශපාලන පක්ෂවල අයත් අද මෙතැන සිටින බව හෙතෙම සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. රාසමානික්කම් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
රජයේ ආයතන දෙකක් ද සමග තමාගේ නිවෙස ගිනි තැබූ කාලකන්නින්ට අධිකරණයෙන් ඇප දෙද්දී තම පක්ෂයේ මිනිසුන් ඇතුළත දැමූ බවද ඔහු කීවේය.
තමාගේ ගෙදරට 1977 දීත් ගිනි තබා විනාශ කළ බවත් ඒ අවස්ථාවේදී පවුලේ සියලු දෙනා ජීවත් වුණේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ එකම කාමරයක බවත් ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මාදිවෙල සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිවාස ලබා දීමට තීරණය කළේ අද ඊයේ නොවන බව පැවසූ අමාත්‍යවරයා මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ සිටින පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන්ට මේ නිවාස හිමිවන බවද සඳහන් කළේය
මෙම කාරණය ගැන කවුරුත් මේ අවස්ථාවේදී සංවේදීව බැලිය යුතු බවත් සමහරුන් ශුද්ධ වන්තයන් ලෙස මෙතන කතා කරන බවත් ඔහු පැවසුවේය.
නිවාස අහිමි වූ මැති ඇමතිවරුන්ගේ ප්‍රශ්න ගැන සොයා බැලීම තමාගේ යුතුකමක් බවද රණතුංග මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැයි 9 ශ්‍රී ලංකාවේ නව නිදහස් දිනය ලෙස නම් කරන මෙන් මා ඉල්ලා සිටිමි
ස්කෝල වල ලමයින්ද එහෙම එනව කියල මේ උත්තමයො දන්නවා ද දන්නෙ නැහැ
මේ කප්පම්කරුවාට මේ වගේ කථා කරන්න මොන අයිතියද තිබෙන්නේ. ඇමතිකමෙන් නොවේ පාර්ලිමේන්තුවෙන්ම පන්නල දාන්න ඕන.
ඕක මොකක්ද ප්‍රසන්න කප්පංකාරයෝ අධිකරණයෙන් දඬුවම් නොලබා නිදහසේ එලියට එන්නේ.
ඔය කුඩුකාරයින්, ගංජා කාරයින්, අපරාධකාරයින් මෙරටට බිහි තලේ රාජපක්ෂ මූලික වූ හැත්ත බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමි. දැන් ෂැප ද?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තිබෙන බලතල හා වරප්‍රසාද මෙන්ම පඩිය , අවු.5 විශ්‍රාම වැටුප් කපා හැර අධිකරණය ස්වාධීන කරන විවස්ථාවක් නැවත ගෙන ආ යුතුය. මෙම රටෙහි 1972 ට පෙර එවැනි විවස්ථාවක් තිබුනා. රට පාලනය කලේ ඇමතිවරු නොවේ ස්වාධීන කොමිෂන් සභාය. එනිසා දේශපාලකයන්ට බලතල නොතිබූ නිසා ඔවූන් දූෂිත නොවීය. 1972 මෙම රට ජනරජයක් වීම තුල සම්පාදනය කල විවස්ථාව නිසා එතැන් පටන් රට අරාජික විය. දැන් නම් මුන්ට අමුඩ තමයි දෙන්න ඕනෑ.
ඔබතුමාලා රටට කරපු දෙවල් නිසා තමයි අද අනුන්ගේ ඇඳුම් අඳින්න වුනේ ඒක මතක තියා ගන්න ඇමතිතුමෝ.
හොඳ වැඩේ . කන්නෙත් අපේ මහජන මුදල් වලින්, නරිය
අනේ පවු මගෙත් පරණ ඇදුම් ටිකක් තියනව දෙන්න ඔනෙ
ඇනෙ පව්. කාටද මෙ බොරු කියන්නෙ. ඔයාල අත යටින් ගහපු සල්ලී ඇතිනෙ වෙන එකවුන්ට් වල. ඒව ඇදඩල ඇදුම් ගන්න ගෙවල් හඩගන්න. සමහරුන්ට නැවුත් තියන බව හැම කෙනෙක්ම දන්නව. ඵිටරට ඉන්න ලමයට කියල සල්ලී හොයා ගන්න.