
(වසන්ත චන්ද්‍රපාල)
පුලුකුණාව රජ මහා විහාරය, අම්පාර සාම බෞද්ධ විහාරය, නාමල්තලාව ශ්‍රී ශෛලබිම්බාරාමය, කල්මුනේ ශ්‍රී සුභද්ධාරාමය, මාණික්කමඩු පුරාණ රජ මහා විහාරය, අම්පාර මාහාවාපි විහාරය, අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, ඇතුලු විහාරස්ථාන ගනණාවාකට නායකත්වය දෙමින් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී විභුතිය ආරක්ෂා කරමින් බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් මහා සඝරුවනක් බිහි කරමින් කටයුතු කරන ලද කිරිදිවැල සෝමරතන හිමියන්ට මල්වතු මහා විහාරීය කාරක මහා සංඝ සභාව විසින් සෝමරතන හිමියන්ට ගෞරව නාම සහිතව තනතුරක් ලබාදිමට පියවර ගෙන තිබේ.
ඒ අනුව සද්ධර්ම කීර්ති ශ්‍රී සුමනතිස්ස ඉන්ද්‍රසාර යන ගොරව නාමය සහිතව උතුරු නැගෙනහිර දෙපලාතේ සමත බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක ලෙස කිරිදිවැල සෝමරතන හිමියන් පත් කර තිබේ.
සෝමරත්න හිමියන්ට නායක පදවිය පිලිබද ව සන්නස් ප්‍රදානය කිරිම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පිලිගන්වනු ලැබිය. විජිනිපත පිළිගැන්විම දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී විරසිංහ මහතා විසින් සිදුකරනු ලැබිය.
මල්වතු මහා විහාරිය අනුනායක නියංගොඩ විජිතසිරි හිමියන් මෙම උත්සවයේ මුලසුන දැරීය. ලංකාවේ විවිධ පළාත්වලින් මහා සංඝරත්නය අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත වැඩම කරනු ලැබිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද ගුණ්ඩු? ටයිටල් එකක් දීලා, හාමුදුරුවන් ලවා දායකයින්ට කියන්නද පොහොට්ටුවට ඡන්දෙ දෙන්න 'කියලා. නාකි මයිනෝ, වලපයයි, ගොඩපයයි තියාගෙන ආයෙත් "නයි" නටවන්නද හදන්නේ? නටවලා බලපන් මොකද වෙන්නේ කියලා. ජම්පර් ඕනෑ නැහැ ඔය සාටකයෙන් අමුඩයක් ගහලා කූඩුවට යන්න ලැහැස්ති වෙනවා ළඟදීම...!
විජිත් ගොයියෝ , තමුන්ගේ වයස කීයද හැබෑට? අප්පයි අප්පුච්චයි ඉන්නවා නම් උන්දලාගේ වයස කොහොමද? උන්දැලටත් තමුන් කතා කරන්නේ "නාකි මයින්" විශේෂනය සමග ද? තමුන් වගේ වසලයින්ට මුල අමතක උනාට අම්පාර, පුළුකුනාව ඇතුළු ඒ පලාත්වල මිනිස්සුනට තාම මතකයි ඒ අයව ග්‍රහණයෙන් මුදවා ගත්තේ කව්ද කියල. ඔය කිරින්දිවල සෝමරතන හාමුදුරුවෝ හොදටම දන්නවා අරන්තලාව භික්ශු ඝාතනය ගැන. විජිත්ල වගේ ගුණමකුවෝ මේ රටට සාපයක්. දන්නා දේකුත්, නොදන්නා දේකුත් නැති නිසා.
"සියල්ල අත් හැරියට ගෞරව නාම" අත් හරින එක ඔට්ටු නැතිව ඇති..? තක්කඩි පාලකයෝ හා බඩ ගෝස්තරවාදී පුජකයෝ එකතුවෙලා මේ රටට කර තිබෙන හරිය ගැන ආයේ අමුතුවෙන් ලියන්න ඕනා නැහැනේ....ශ්‍රද්ධාව වැඩිකමට ප්‍රඥාව අහිමි මන්ද බුද්ධිකයින්ට චුන් වෙන්න නම් කියාපු වැඩ මේවා...
මෙයාලා වැළඳ ගන්න ඔය තාන්න මාන්න තනතුරු සැප සම්පත් ගැන බුදු හාමුදුරුවන් මොනවද වදාළේ ?
ගෝල්ෆේස් අරගලය වෙලාවේ ජනතාව නිගරු කර පලවාහැරි කෙනෙක්ගෙන් ගෞරව නාමයක් ලබන්නෙ කොහොමද පැහැදිලි කරන්න