(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)
කෝටිපති ව්‍යාපාරික සැමියාට නිවස තුළදී පපුවට පිහියකින් ඇන ඝාතනය කළ බිරිඳ අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය කියයි.
ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයාගේ නිවසින් එම ප්‍රදේශයේ විහාරස්ථානයකට දානය රැගෙන ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇති වූ යම් ආරවුලක් හේතුවෙන් නිවසට පැමිණි පසු අඹූසැමියන් දෙදෙනා අතර බහින් බස් වීමක් සිදු වී ඇතැයි පොලිසිය කියයි.
නිවසේ පහත මහලේ එම බහින් බස්වීම සිදුවන අවස්ථාවේ නිවසේ කිසිවෙකු සිට නොමැති බවට සිදුකළ මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇතැයි පොලිසිය පැවැසීය.
සැමියා තමාට බැන වදිමින් පහර දුන් බවත් එම අවස්ථාවේ සැමියාගෙන් බේරීමට අවස්ථාවක් නොතිබීම හේතුවෙන් මුලුතැන් ගෙයි තිබූ පිහියකින් පහරදුන් බවත් සැකකාර කාන්තාව ලබා දුන් ප්‍රකාශයේ සඳහන් වන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඝාතනයට යොදා ගත් ලේ තැවරුණු උල් පිහියද සොයා ගත් බව පොලිසිය පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විහාරස්ථානයට දානය පිරිනමා කොපමණ බැති සිතකින් ගෙදර එන්න ඕනෑද? එහෙත් කොපමණ පිරිහීමකට බැතිමතුන් ලක්වෙලාද? මෙත් සිත කටින් විතරයි ක්‍රියාවෙන් නැහැ. සමහර හිමිවරු ඩෙගානටන විට දායකයන් ගැන කවර කතාද?
මැදින් පෝයට හොඳ පින්කමක්නේ කරගෙන තියෙන්නේ.
විහාරස්ථානයට පූජා කරපු දානේ වේලටත් මිනී මරාගන්නා, සැදැහැවත් මිනිසුන් ගැන අහන්නත් අප්පිරියයි.
ඒකටත් භික්ෂූන් වහන්සේලාගේ වරදක්ද? මෙහෙමවත් මේ රට තියන්නේ භික්ෂුව නිසයි, නැත්නම් මේක පරංගි ඉතුරු ටිකත් වනසල යන්නේ. මේ වගේ සිද්දි වෙන්නේ සමහරු බණ අහනවා විතරයි. ක්‍රියාවෙන් නැති නිසා වෙන්න ඕනේ...
දුන්දේ සුවඳයි.. කෑ දෙය ගඳයි යන කියමන මතකයට නැගෙනවා..
පින්කම් කලත් සිත් පිරිසිදු නැතුවානේ... පින්කම් කරන්නෙත් ප්‍රසිද්ධිය තකාමනේ.. නිවසට පැමිණි වියදම ගැන සිතනවනේ.. කෝටිපතියෝ වුනු අපි මසුරන් වුනානේ..
දානයකුත් තිබුනා, ඇති හැකි නිවසක ඒ වෙලාවේ සිද්ධිය සිදු වෙනකොට කවුරුත් හිටියේ නැතිලු. අනේ මන්දා අපේ ගෙවල් වල නම් ඔහොම අවස්තාවක උදව්වට පැමිණි නෑදෑයන් හෝ අඩු වශයෙන් අසල්වැසියෙකුවත් ඉන්නවා. පුදුමයි පිහියෙන් අනින්කන් මේ රණ්ඩු දුර දිග යනවා ඔය ගෙදර සිටි කාටවත් ඇහුනේ නැහැ කියන එක. සමහරවිට ගෙදර බකිංහම් මාලිගය වගේ ඒ කොනේ සිට අනෙක් කොනට සැතපුම් ගානක් දිග එකක් වෙන්න ඇති.
මිනිස් සිත් දුෂ්‍ය වෙලා තියන තරම්?
මුස්ලිම් ආගමේ වගේ ගැහැනුන්ට පන්සලට යාම තහනම් කිරීම සුදුසුයි!
මේක ඔවුන්ගේ පෙර සංසාරේ ගෙන ආ කාර්මය... ඔය අඹු සැමියෝ ලබන ආත්මෙදිවත් හොදින් ජීවත් වෙන්න බලන්න... සැමියා පලි ගැනීමේ චේතනාවෙන් මෙරුන නම් ඔය දෙන්න ලබන ආත්මෙදිත් මුණ ගැහෙනවා
ගැහැණු අපි මොකටද මෙච්චර කරදර වෙන්නේ? දන්ත ධාතුවේ සිට ශ්‍රීමහා බෝධිය දක්වා වඩම්මන්න හොඳයි හැබැයි පන්සල් තහනම් .?
අනිවාර්යයෙන්ම මේකට හේතුව ඔය පවුලට එබෙන තුන්වැනියෙක් විය යුතුයි.