IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සැමියාගේ මත්පැන් වීදුරුවට විෂ දැමූ බිරිඳ ඇතුළු සොහොයුරා අත්අඩංගුවට

 (පද්මසිරි ගාර්දියවසම්)                           

තම සැමියාගේ මත්පැන් වීදුරුවට විෂ රසායන ද්‍රව්‍යයක් දමා ඔහු ඝාතනය කිරීමේ චෝදනාවට බෙලිඅත්ත කොස්ගහගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තිදරු මවක් සහ එයට අනුබල දුන් ඇයගේ සොහොයුරෙකු අද (25) දහවල් අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසයි .               

ඉකුත් 20 දා සිය නිවසේ මත්පැන් පානය කරමින් සිටියදී ඇතිවූ රෝගී තත්ත්වයක් මත සැකකාරියගේ සැමියා මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු විෂ ශරීර ගත වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනාවරණය වූ බව පොලිසිය පවසයි .

ඒ අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඇය තම සැමියාගේ මත්පැන් වීදුරුවට විෂ රසායන ද්‍රව්‍යය දමා ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෙලිඅත්ත කොස්ගහගොඩ විසූ රත්නගොඩ බරනාදුගේ ගයාන් චන්දිම කුමාර නමැති 45 හැවිරිදි අයෙකි .               

සැකකරුවන් හෙට (26) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි .බෙලිඅත්ත පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .



අදහස් (7)

සැමියාගේ මත්පැන් වීදුරුවට විෂ දැමූ බිරිඳ ඇතුළු සොහොයුරා අත්අඩංගුවට

ජයනාත් Saturday, 25 May 2024 06:19 PM

අම්මයි දූයි මාමා තුන් දෙනා ම එල්ලලා මරන්න ඕනෑ...

:       2       12

lelwala Saturday, 25 May 2024 08:15 PM

ඔය පැත්තේ ඉන්නේ ඔය වගේ නසරානියෝ තමයි

:       6       20

sam Sunday, 26 May 2024 05:43 AM

විසෙන් විස නැසේ කියන්නේ බොරුවක්ද එතකොට?

:       1       0

kumara Sunday, 26 May 2024 07:33 AM

යම් දෙයක් සිදු වුනාම, කෙනෙකුට දඩුවම් කිරීමෙන් පමණක් මේ ප්‍රශ්න විසදන්න බැහැ. ඒක කරුණාකර තේරුම් ගන්න. යමක් සිදු වූයේ ඇයි යන කාරණය මනෝවිද්‍යාත්මකව සොයා බලන්නට උවමනායි. පෙනෙන විදියට, තිදරු මවක් මෙවැනි යමක් සිදු කරන්නේ නම්, විශේෂයෙන් තම සොහොයුරෙකුගේ සහාය ඇතිව, එනම්, තමා කෙරෙහි මවු පිය හැරුණු කොට ප්‍රාණ සමානව තමනට ආදරය කරන එකම කුස උපන් අයකුගේ උපකාර මධ්‍යයේ, මෙහි සදහන් මිය ගිය ස්වාමිපුරුෂයා යම් අනීතික හෝ අශිෂ්ට යම් ක්‍රියාවක නිරත වන බවට යම් වියහැකියාවක් පවතිනවා. එය එසේ නොවිමේ හැකියාවක් ද පවතිනවා. මෙම කතාවේ පසුබිම යම් සැගවුනු යමක් පවතින බව පෙනෙනවා. මෙවන් ගෘහස්ථ දබර දුර යාමට හේතු බොහෝ විට ඒ පුද්ගලයන් තුල කුඩා කල පටන් පැලපදියම් වුනු මානසික රෝගී තත්ත්ව බව වෛද්‍ය විද්‍යාත්මක ව පර්යේෂණ වලින් සොයාගෙන තිබෙනවා. අධික පීඩනය, නිදහස නොමැති කම, ආර්ථික ප්‍රශ්න ආදියෙන් මේ තත්ත්ව භයානක තත්ත්වයට දැන් දැන් වර්ධනය වෙමින් පවතිනවා. කලා උපාධි කළ අයට රැකියා නැති ව සිටින පසුබිමක, ඒ උපාධි වලට මනෝ උපදේශනය වැනි වෘත්තීන්ට පුහුණු කර, ඒවා රට තුළ ව්‍යාපාර ලෙස පවත්වාගෙන යාමට පසුබිම විවෘත කරන්න. දික්කසාද නීතියෙන් පහස කරන්න.

:       1       9

ගාමිණී රත්නායක Sunday, 26 May 2024 07:33 AM

දකුණේ අම්මණ්ඩිලානේ. ආයේ අහන්න දෙයක් නෑ. ඒ පැත්තේ මිනිස්සුත් එකයි, ගෑනු ඊට එහා. මනුස්සකම ගැවිලවත් නෑ. .. මියගිය සොයුරාට නිවන්සුව පතමු.

:       3       6

sarathSunday, 26 May 2024 02:35 PM

ඔය කියන සොයුරා, බිරිඳට සහ දරුවන්ට නොසලකන අමු බේබද්දෙක් නම් මැරුණාට පස්සේ නිවන් යන එක ෂුවර්ද?

:       1       1

රංබොඩ Sunday, 26 May 2024 09:17 AM

පවුල් ආරවුල් ගැන පිට අපට මොකුත් කියන්න බෑනෙ.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site