( රොමේෂ් මධුෂංඛ)
යාපනය නාවට්කුලි ප්‍රදේශයේ දෙදරු මවක් පහරකෑමකින් බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.
නාවට්කුලි අයියනාර් කෝවිල් මාර්ගයේ පදිංචි මෙම දෙදරු මව සිය සැමියා සමග ඇති කරගත් ආරවුලක් දුරදිග යාමෙන් පසුව සැමියා බිරිඳට පහරදීමෙන් බිරිඳ බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බවට යාපනය පොලීසිය කියයි.
මිය ගොස් ඇත්තේ නාවට්කුලිහි පදිංචි දෙදරු මවක් වූ 23 හැවිරිදි අජන්තන් යමුනා නැමතියකි.
කාන්තාව මිය යාමෙන් පසුව මෙම කාන්තාවගේ සැමියා පිළිබඳ සැකසිතී සැකකාර සැමියා සෙව්වද ඒ වන විටත් සැමියා පලාගොස් සිට ඇති අතර අනතුරුව ත්‍රී රෝද රථයකින් යාපනය නවට්කුලි චින්නකඩෙයි ප්‍රදේශයේදී පලායමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැමියාගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරනය වී ඇත්තේ අනියම් සබඳතාවක් හේතුවෙන් මෙම ගැටුම ඇති වී එයට උරණ වී පහර දීම සිදුකල ඇති බවටය.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැමියාගේ පහරකෑමෙන් බිරිය මරුට