( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
නොරෝච්චෝල කරඹ ප්‍රදේශයෙ සිය සැමියාගේ පහර කෑමට ලක්වි බිරිය අද(27) මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්වි ඇත්තේ නොරෝච්චෝල කරඹ ප්‍රදේශයෙ පදිංචිව සිටි අවුරුදු 13 හා 8 ක දරුවන් දෙදෙනෙකුගේ මවක් වන නිසංසලා පෙරේරා නැමති කාන්තාවකී.
මෙම දෙදරු මව රැදි සිටි ඇයගේ ආච්චිගේ නිවසට කඩා වැදි ඇති සැමියා බිරියට පොලු මුගුරු වලින් පහර දී තුවාල සිදු කර ඇති බවත් ඇයව කිසිදු අයකුට රෝහල් ගත කිරිමට පවා අවස්ථාව ලබා දී නැති බව කියයි.
කෙසේ නමුත් 26 දින උදෑසන දැඩි අසාධ්‍ය තත්වයෙන් ලේ වහනය වී නිවසේ රැදි සිටියදී ඇගේ ඥාතියකු විසින් ත්‍රි රෝද රථයකින් පුත්තලම මූලික රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කර රෝහලේ දැඩි සත්කාර ඒකකයෙ ප්‍රතිකාර ලබමින් සිටියදි අද (27 ) අලුයම මරණයට පත්ව ඇති බව රෝහල් පොලිසිය පවසයි.
සැමියා පුත්තලම නගරයේ රැදී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුත්තලමේ නේද?
ඔක්සිජන් නිශාන්තගේ ළඟ ඥාති වෙන්න ඇති...