(නිමන්ති රණසිංහ)
රටේ සාමය පවත්වාගෙන යෑමට සහය දෙන ලෙස ශ්‍රී ලංකාවාසී ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටින බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ එක මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේ, රටේ ඇතිව තිබෙන අර්බුධකාරී වාතවරණය සාමකාමීව සහ ව්‍යවස්ථානුකූලව නිරාකරණය කරගැනීම සඳහා අවස්ථාවක් උදාවි ඇති මේ මොහොතේ රටේ සාමය පවත්වාගෙන යෑම සඳහා ජනතාවගේ සහයෝගය ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය වෙත ලබා දෙන ලෙසය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමය කඩකරන්නේ පොලිසියයි... ඊයේ සවස සිරස මාධ්‍ය වේදීන්ට බරපතල ලෙස ගහපු කෙනා අපි දැක්කා...
ගෝඨා, රනිල්ලා එක්කම ඔයත් ගියානම් හොඳයි නේද? තව ඉන්න සුදුස්සෙක්ට අවස්ථාවක් දීලා..?
අලුත් ආණ්ඩුවක් යටතේ නව පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති, නව ත්‍රිවිද හමුදාපතිවරු සහ නියෝජ්‍ය හමුදාපතිවරු ඉක්මනින්ම පත්කළ යුතුයි. දැන් ඉන්න අය ඔක්කොම දේශපාලුවන්ගේ හොඳ යාලුවෝ. සුදුස්සාට සුදුසු තැන ලබාදිය යුතුයි. හොරා කාපු අයට රටින් පනින්න දෙන්නෙත් ඔය කට්ටියම තමයි. ස්තූතියි.