
(අංජුල මහික වීරරත්න)
තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතාට ලිපියක් යොමු කරමින් සඳහන් කරන්නීය.
තමාට සිටි ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණය අඩු කිරීම මගින් එම සැකය ඇතිවන බවද සඳහන් කරන හිටපු ජනාධිපතිනිය සිය ලිපිය මගින් මෙසේද කියන්නීය.
විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ නිලධාරීන් සහ පහසුකම් පිළිබඳ 2024.10.23 දින විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් හේසිරි මහතා විසින් මාගේ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් චන්ද්‍රකුමාර මහතාට, වාචිකව ලබාදුන් උපදෙස් වලට පිළිතුරු වශයෙන්, 2024,10.28 දින ජේ.පො. අ. චන්ද්‍රකුමාර මහතා විසින් සියලු විස්තර සහිත පිළිතුරු ලිපියක් එවන ලදී.
55P චන්ද්‍ර කුමාර මහතාගේ ඉහත ලිපියෙන් පැහැදිලි වන පරිදි අවම ආරක්ෂාව මා හට සැලස්වීම සඳහා දැනට සිටින නිලධාරින් 50 දෙනා අවශ්‍ය බව සඳහන් කර ඇත.
එමෙන්ම විශ්‍රාමික ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් වැඩිම තර්ජන තිබෙන ජනාධිපති මා වන බව ද කරුණු දක්වා ඇත. ඝාතන උත්සාහයකට ලක්ව තුවාල ලැබූ එකම ජනාධිපති මම බව ද සඳහන් කරමි, විශ්‍රාම ලබා සිටියත් කෙසේ හෝ ඝාතනය කරන බවට LTTEය විසින් 2006 සහ 2014 වසර වල ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කර ඇති බව පොලිස් බුද්ධි වාර්තා වලින් අපට දන්වා ඇත. කරුණු මෙසේ තිබියදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හමුදා නිලධාරීන් 63 ක් සහ පොලිස් නිලධාරීන් 180 කින් යුත් ආරක්ෂක නිලධාරීන් 243ක් සහ මෛත්‍රීපාල සිරිසේන මහතාට පොලිස් නිලධාරීන් 109 ක්, ගෝඨාභය රාජපක්ෂ මහතාට පොලිස් නිලධාරීන් 25ක් සහ හමුදා නිලධාරින් 175සින් යුත් ආරක්ෂක නිලධාරීන් 200 කගේ ආරක්ෂකයින් ප්‍රමාණයක් සිටිය දී, මා හට සිටින ආරක්ෂක නිලධාරීන් 50 දෙනා 30කට අඩුකර ඇත.
ජනාධිපති මැතිවරණ සමයේ තමන් බලයට පැමිණි විට ප්‍රභූ ආරක්ෂාව ලබා නොගන්නා බව ජවිපෙ නායකවරුන් ප්‍රකාශ කළ ද, ඔවුන් බලයට පත් වුවාට පසු වත්මන් නායකවරුන්ට සිය ගණනින් සමන්විත ආරක්ෂක බලමුළු සපයා ගෙන තිබෙන්නේ මෙම රජය ද අප රටේ ප්‍රභූවරුන්ට යම් කිසි ආරක්ෂාවක් තිබිය යුතු බව පිළිගෙන තිබෙන නිසා නොවේ ද?
කරුණු එසේ තිබිය දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් හේසිරි මහතාගේ ඔක්තෝබර් 31 වන දිනැති ලිපියෙන් 50 දෙනකුගෙන් යුත් මාගේ ආරක්ෂක පිරිස 30ක් දක්වා අඩු කිරීමට නියම කර ඇත.
අනෙකුත් හිටපු ජනාධිපතිවරුන්ට 243 දෙනෙකු සහ 200 දෙනෙකුගෙන් සහ 109 දෙනෙකුගෙන් යුත් ආරක්ෂක කණ්ඩායම් ලබා දෙන අතර, චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතියට පමණක් ආරක්ෂකයින් 30ක් ලබා දීමට කළ නිර්ණායකය කුමක් දැයි මහත් ප්‍රහේලිකාවකි.
මාගේ ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග මහතා දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම, මා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි ඒ අනුව සැකයක් පහළ වී තිබේ යැයි හිටපු ජනාධිපතිවරිය වැඩිදුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ ආර් ප්‍රේමදාස……
ඔයා උන්ට හුරේ දැම්මට, මිනීමරු ජෙප්පන්ට මිනිස් ජීවිත වල වටිනාකමක් නෑ
ආරක්ෂාවට 50 ක් 60 ක් ඕනා කියලා කිව්වම ගොඩක් අය හිතන දේ හෝ ආණ්ඩුවේ නායකයන් රටට ඒත්තු ගන්වන දේ තමයි ඒ 50, 60 ම ඒ පුද්ගලයාව වටකරගෙන ඉන්නවා කියලා. ඒක තනිකරම බොරුවක්. නිලධාරීන් 50-60 ක් ඉන්න තැන යම් අවස්ථාවක ඇත්තටම ආරක්ෂාව සපයන්නේ 5 ටත් අඩු ප්‍රමාණයක්. එයින් භාගයක්ම එක්කෝ රාජකාරී නිවාඩු, ලෙඩ නිවාඩු හෝ පුහුණු නිවාඩු යනවා. ඉතුරු අය නිවසේත්, වෙනත් තැන්වලත් ආරක්ෂාවට යොදවනවා. කොටින් එක්ක කරපු යුද්දයේ ජයග්‍රහණය වෙනුවෙන් තම ජීවිතය පූජා කරලා රටට සේවය කරපු නායකයෝ සහ ආරක්ෂක නිලධාරීන්ව සදාකල් ආරක්ෂා කල යුතු වෙනවා. එහෙම ආරක්ෂාව ඉවත් කරපු නිසයි මේජර් ජනරාල් ජානක පෙරේරා අපට අහිමි වුනේ. ලක්ෂ 2 කටත් වැඩිය හමුදාවක් බැරක්ක වල ගාල් කරලා තියන එකේ මේ වීර නායකයන්ගේ ආරක්ෂාවට යෙදෙව්වම මොකද වෙන්නේ?
ඔබ මොනවාද මේ කියන මුසාවාද, ජනපති අගමැති ආරක්ෂකයන් ඔබලා වගේ පිරිවරාගෙන යන්නෙ , එදා ඉදලම ඔබල කලේ බොරු කියන එක, අදත් ඔබ කරන්නේ එයයි, ඔබගේ ස්වාමියා මැරුවේ එ ජ ප බව ඔබ කියපු හැටි අපට අමතක නැත. කරුනාකර මෙය ජනතාවගේ රජයකි, මෙයට රට පාලනයට ඉඩ දෙන්න, ඔබලා මේ රටට කල වින්නැහිය අපට අමතක නැත ෴
ලෝකේ වැඩියෙන්ම ජීවිත තර්ජන ඇති නායකයින් ද විශ්‍රාම ගියාම කිසිදු ආරක්ෂාවක් නොමැතිව නිදහසේ ජීවත් වනවා. ඔසාමා බින්ලාඩන්ව මරා දැමු බැරක් ඔබාමා පවා කිසිම ආරක්ෂයකු නොමැතිව ජීවත් වේ. එසේ තිබියදි ඔබතුමියට මෙතරම් ආරක්ෂාවක් අවශ්‍යද? සාමාන්‍යෙයන් ඕනෑම ත්‍රස්තවාදියෙන් දේශපාලන නායකයින්ව ඝාතනය කරන්නේ ඔවුන් බලයේ ඉන්නා විට පමණයි. විශ්‍රාම ගියාම ඔවුන්ව ඝාතනය කිරීමෙන් ඔවුන්ට කිසිදු ප්‍රයෝජනයක් නැත.
එල්.ටී.ටී. එකෙන් නොවෙයි සාමාන්‍ය ජනතාවගෙන් ආරක්ෂා වෙන්න තමයි මෙයාලට දැන් පොලිස් හමුදා ආරක්ෂාව ඕන වෙලා තියෙන්නේ, පාරට බැස්සම ආරක්ෂාව නැත්නම් රටේ මිනිස්සු වට කරලා ගහයි කියලා බය හිතෙනවා ඇති බලයේ ඉන්නකොට කරලා තියෙන අපරාධවලට,
නිලදාරීන් 50ක් කියන්නේ පොඩි කෑම්ප් එකක සිටින බට ප්‍රමාණයක් වගේ නේ , මෙයාට 6-7ක් හිටියනම් හොඳටම ඇති. ඔය වැඩිපුර ඉල්ලන්නේ ගෙදර වැඩට යොදාගන්න. කොහොමත් මෙහෙම ලිපි ආරක්ෂක ලේකම්ට යවලා වැඩක් නැහැ. මොකද මාලිමවට මිනිස්සු ඡන්දෙ දුන්නේ ඔය වැඩේ කරන්න.
මම කියන්නම් උපදෙසක්, ඔය සේරම එකම තැනකට වෙලා ඉන්නකෝ වැඩිහිටි නිවාසයක වගේ තැනක, එතනට ආරක්ෂාව දෙන්නම් ටිකක් වැඩියෙන් ,යන ගමනක් යනකොට ඉන් බාගයක් කැටුව යන්න.නිල නිවාස වාහන ආරක්ෂාව සම්බන්ධ වියදම් සැලකිය යුතු විදියට අඩුවෙයි. අවුලකුත් නැහැ ඔයාල එලියෙ බැනගත්තට ඇතුලෙදි සමගියි, එකම පාරෙ යන අය.
සැමිය මැරුවේ ප්‍රේමදාස කියල කාලයක් කියනවා මතකයි. දැන් වෙන කතාවක් සිහිකල්පනාව හොඳටම මදි.
LTTE එකක් ගැන දැන් කතා කරන්නේ ඇයි? එහෙම එකක් කිසිම ක්‍රියාකාරීත්වයක් ලංකාවේ දැන් නැහැ. විශ්‍රාම ගිය සියලුම ජනාධිපතිලට, එක්කෙනාට 20 ගානේ දුන්නා නං හොඳටෝම ඇති. ලංකාව වැටිලා තියෙන ප්‍රපාතයෙන් ගොඩ ගන්න නම්, භාන්ඩාගාරයේ මුදල් අර පරෙස්සමෙන් භාවිතා කිරීම රජයේ වගකීමක්...!
මෙයා හීන ලොකේ වෙන්ඩැ ජීවත් වෙන්නේ? හිටපු ජනාදිපති කෙනෙකෙට මෙච්චර ආරක්ෂාවක් මොකටද ?
මෙච්චර ජීවිත තර්ජන තිබෙනවා නම්, අර විජේවීරගේ දරු පවුල වැලිසර කෑම්ප් එකේ පදිංචි කරලා තිබ්බා වගේ, මෙයාවත් කෑම්ප් එකක තිබෙන නිල නිවසක පදිංචි කරන්න. මේවා බොරු කතා, LTTE එකට මෙයාව මරන්න ඕනේ නම් පහුගිය කාලේදී එංගලන්තේදී කරන්න තිබුණා. එංගලන්තේ මෙයාට මෙහෙම ආරක්ෂාවක් නැහැනේ? දරුණු සටන් පුහුණුව ලබපු පරණ කොටි ඕනෑතරම් එංගලන්තේ ඉන්නවා. රහසිගත ආයුධත් ඔවුන්ට ඇති, අයුධ නැති වුණත් හොඳ පිහි දෙක තුනක් තිබුණත් මිනීමරු කොටින්ට ඇති. නමුත් ඔවුන් එහෙම කලේ නැත්තේ ඔවුන්ට මෙයා මැරුවා කියලා ඇති වැඩක් නැහැ... විශ්‍රාමික ඇමරිකන් ජනාධිපති බැරක් ඔබාමාටවත් නැහැ... මෙච්චර භට පිරිසක්, 6 දෙනෙක් හිටියම හොඳට ඇති..
ඇගේ සිහිනය ඇයට දකින්න ඉඩ හරින්න. ලං නොවන්න.
මේවා ඉතින් කාගෙවත් හිතුමනාපෙට නෙවෙයි , විද්‍යාත්මකව ඒ විශය ගැන දන්න අයම පක්ෂ භේදයකින් තොරව දේශපාලන මතවලින් තොරව විසඳිය යුතු ප්‍රශ්න
රටේ භාන්ඩාගාරය හිස් කරන වයෝවෘද්ධයන් බලේ නැතුවත් රට විනාශ කරනවා
මෙයාට එක සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයෙකුයි, බැටන් පොල්ලකුයි ආරක්ෂාවට දුන්නහම හොඳටෝම ඇති. බැටන් පොල්ලත් දෙන්න කිව්වෙ, මැස්සෙක්වත් වැරදිලා කටේ හරි, ඔලුවෙ හරි වැහුවොත්, අත දිග ඇරලා බැටන් පොලු පාරක් දෙන්න. නැතුව වෙන මොකෙක්ගෙන්වත් මෙයාට කිසිම තර්ජනයක් නැහැ.
ඔහොම බයවෙන්න ඕනෙ නෑනේ... ඉන්න කාලේ හරියට වැඩ කළානම්...!
ඔයා කට ඇරියේ නැත්නම් එහෙම කෙනෙක් ඉන්නවාද කියලා දන්නෑ.. 300 වට කරගෙන ඉන්නේ හරියට කෑම්ප් එකක් ඇතුළෙ ඉන්නවා වගේ.. ඒක නිදහසට බාධාවක් නේද..? ඔයාට වැඩිය ප්‍රබල ලෝක නායකයින් නිදහසේ ඉන්නවා දැකලා නැතිද?
ගැරඬි මරලා පව් කරගන්න ඕනෑ නැහැනේ..
විජය කුමාරතුංග සැබෑ මානවහිතවාදියෙක්, ඒත් ඔබතුමිය රනිල්ගෙන් පලිගන්න ජවිපෙ සමඟ සන්ධාන ගත වුණා. දැන් කළ හොඳ පස්සෙන් පන්නනවා නේද?
මේ වගේ මිනිස්සුන්ට වෙඩි තියන පතුරමත් අපරාදේ,
එල්ලුම් ගහ ගෙනාවා කියලා රටම ඇන්දුව මෙයා.
ඔයාව මරන්න කෙනෙක් නෑ අනේ. බය නැතිව ඉන්න....
විශ්‍රාමික ජනාධිපතිවරුන්ට, වරියන්ට දෙන දීමනා සහ අධික අති සුඛෝපභෝගී පහසුකම් ලංකාව වගේ ඉතාමත් දුප්පත් රටකට දරාගන්න අමාරුයි.. ජනාධිපතිතුමා මේ ගැන පියවරක් ගතයුතුයි. මේ අය වෙනුවෙන් කරන අධික මුදල් සම්භාරය 50% කින්වත් අඩු කළ යුතුයි. එසේ නොකළහොත් රටේ ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණයක් සංවිධානය කළ යුතුයි.
කවුරු මරන්නද? ඔන්න ඔහේ පැත්තකට වෙලා ඉන්න..
මොවුන් ආරක්ෂාව ඉල්ලන්නේ බලය තියෙනකොට මොවුන් කරලා තියෙන කුජීත වැඩ නිසා මොවුන්ට පාරක බැහැලා යන්න බැහැ.... සාමාන්‍ය මිනිස්සුන්ගේ ගුටි හෝ අසූචි පාරක් නොකා...!
ඔය කවුරුත් අපිට ප්‍රභූවරුන් නෙමෙයි. ඔය ඔක්කොම අපිට සේවය කරන්න, තාවකාලිකව අපිම පත් කරගත්ත අපි වගේම මිනිසුන් කීපදෙනෙක් විතරයි . ඔබ දූරයේ සිටි කාලයේ කල සේවයට අපි ගෙවීමේ කලා. දැන් ඔය හැමෝම අපි වගේ සාමාන්‍ය මිනිස්සු .
මේ උන්දෑ කවුද, මරන්නේ අනික තමන්ගේ ආණ්ඩුවක් තිබිලා බැරිවුණා.. මිනිහා මැරුවේ කව්ද කියලා හොයන්න දැන් පිස්සුද දොඩවන්නේ...?
ආරක්ෂක විශ්ලේෂණ වාර්තාව 2024 ඔක්තොම්බර් අවසානයේ ශ්‍රී ලංකාවේ හිටපු පූර්වාදර්ශ සඳහා ආරක්ෂක පුද්ගලයින් සහ සන්නද්ධ හමුදා ප්‍රමාණය යෝජිත 1. චන්ද්‍රිකා කුමාරතුංග - 2 w pc /1 pc 2 . මයිත්‍රී පාල යාපා සිරිසේන - 4 pc 3 . මහින්ද ලක්ෂ්මන් රාජපක්ෂ - 4pc / 2 විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 4. ගෝඨාභය රාජපක්ෂ - 4PC / 4 විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 5 . රනිල් වික්‍රමසිංහ - 2 pc
මෙහි ඇති සමහර කමෙන්ට්ස් දිහා බැලුවාම අපට තේරෙන දෙයක් තමයි ජවිපය තවමත් ඉන්නේ ලේ පිපාසයෙන් සහ ජනතාව සමග වෛරයෙන් කියන එක.