
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේදී මෑතකදී සම්මත කෙරුණු පනත් සහ රෙගුලාසි ගණනාවක පවතින විවිධ අඩුපාඩු හෝ දෝෂ හේතුවෙන් ඒවා ක්‍රියාත්මක කිරීමේදී නීතිමය වශයෙන් ලොකු ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.
පනත් සහ රෙගුලාසි සකස් කිරීමේදී නිලධාරීන් අතින් වැරදි සිදුවීම වැඩිවෙමින් පවතින ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අනුව පනත් සකස් කිරීමේදී දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසට රජය සියලුම අමාත්‍යාංශ නිලධාරීන්ට පසුගියදා උපදෙස්දී ඇත.
පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කෙරුණු දූෂණ විරෝධී පනත් කෙටුම්පතේද කිසියම් අඩුපාඩුවක් පවතින හෙයින් එම පනතට සංශෝධනයක් ගෙන එනතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත් කිරීම තාවකාලිකව නතරවී ඇත.
සාමාජිකයන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇතත් පත් කිරීම් කරනුයේ එම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීමේදී එම සංශෝධනය ගෙන ඒමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනුම හා අත්දැකීම් නැතුව පන්දමට පස්ස දොරෙන් එන නිලධාරීන්ගෙන් මීට වැඩි යමක් බලාපොරොත්තු වන්නේ කොහොමද? අදාල දේශපාලුවන් මේවාට වගකිව යුතුයි...!
පනත් සහ රෙගුලාසි සකස් කිරීමේදී නිලධාරීන් අතින් වැරදි සිදුවීම වැඩිවෙමින් පවතින ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. එය සත්‍ය නම් මේ වනවිට පාර්ලිමේන්තුවේදී මෑතකදී සම්මත කෙරුණු පනත් සහ රෙගුලාසි ගණනාවක පවතින විවිධ අඩුපාඩු හෝ දෝෂ හේතුවෙන් ඒවා ක්‍රියාත්මක කිරීමේදී නීතිමය වශයෙන් ලොකු ගැටලුකාරී තත්වයක් මතුව තිබේ නම් එයින් පැහැදිලි වන්නේ පාර්ලිමේන්තුවේ සිටිනා 225ම නිලධාරීන් විසින් සකස් කර දෙන්නවු කිසිදු අනපනතක් අධ්‍යයනය කිරීමකින් තොරව හෝ එසේ අධ්‍යයනය කලේ නම් එම එන පනත් පිළිබඳ කිසිඳු වැටහීමක්/අවබෝධයක් නොමැති කණ්ඩායමක් බව පැහැදිලි වේ. සහ එම පනත් සහ රෙගුලාසි මගින් රටට කුමන ආකාරයෙන් බලපානු ඇතිද යන්න ඔවුන්ට ගැටළුවක් නොමැති නිසාත් ඕනෑම පනතකට අත එසේවීමම ඔවුන්ගේ දැනුම සහ හැකියවන් මනාවට රටේ පුරවැසියන් වෙත පැහැදිලි වීමකි...
නමක්, ගමක් හරියට ලියාගන්න බැරි අයට ෙමාන අණපනත්ද?
ගොබ්බ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට ආවම මේවා වෙනවා .කිසිම පනතක් කියවන්නේ නැතිව සම්මත කරන ලොන්ත සෙට් එක
වැදගත් රාජකාරි නිසිලෙස ඉටු නොකරන නිලධාරීන්ට විරුධව කටයුතු කරන්නේ නැද්ද?
අඩු පාඩු ඇතිව පනත් සම්මත කර ගැනීම හෙව්ටැහැ නැවත නැවතත් මහජනයා රැවටීම .උත්තරීතර යැයි කියන තැන ඉන්න පනත් ඉදිරිපත් කරන කිසිවෙකුටව්ටැහැ කියවා තේරුම් ගන්න හැකියාව නොමැති උදවියද ?
ඔය තැන්වල ඔහොම වෙද්දී රටේ අනෙකුත් රාජ්‍ය ආයතන වල කිසිම වැඩක් කෙරෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් ඇත්තටම ඔය නීති හා පනත් කෙටුම්පත් කලාම නැවතත් පරීක්ෂා කරන්නෙ නැහැ කියලා හිතෙනවා මෙහෙම දේවල් නිසා තමයි අවුරුදු 75 ක් රට අගාධයකට ගමන් කලේ කියලා කියන්න පුළුවන්
රාජ්‍ය සේවයේ නිළධාරීන් වඩාත්ම දූෂිතයන් වන අතර දේශපාලඥයින් සහ මහජනතාව දූෂිත කිරීමේ වගකීම ඔවුන් සතුය.
ඔය කෙටුම්පත් සහ ලියකියවිලි හදන්නෙ පලපුරුදු ලිපිකරුවන් වුණාට දැන් ඉන්න පරම්පරාව ඒවා කරන්න හරියට ඉගෙනගෙන නැහැ. පරිපාලන නිලධාරීන් ඒවා අධීක්ෂණය කරන්න දන්නෙත් නැහැ.
නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව නීති කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට එවනවා කියලා තමයි අහල තියෙන්නෙ ඒවා ගැන නැවතත් විමර්ශනය කරන්න පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩලයක් හෝ අංශයක් සිටියොත් නිනිවැරදි ආකාරයට පනත් සකසා ගන්න පුළුවන් වේවි
මොළ කාරයෝ රට දාලා යනකොට ඉතුරු වෙන පලපුරුද්ද අඩු නිලධාරීන් අතින් ඔහොම වෙනවා .ගණන් ගන්න එපා