( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරලැස්ගමුව දෙහිවල - මහරගම ප්‍රධාන බස් මාර්ගයේ ඇඹිල්ලවත්ත මංසන්ධියට ආසන්නයේ පිහිටා ඇති අනවසර සම්බාහන මධ්‍යස්ථානයකට සේවා ලබා ගැනීම සඳහා පැමිණි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් සම්බාහන මධ්‍යස්ථානය තුළදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ (52) හැවිරිදි ඇරවල, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් පොලිසිය පවසයි.
මෙම පුද්ගලයාට ඇති වු හෘදයාබාධ තත්වයක් මත ඔහු මියයන්නට ඇතැයි සැක කරන බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වයසට කොටියා මාක් පෙත්ත ගහලා යන්න එපා කියලා කිව්වාට අහන්නේම නෑ නොවැ... මේ අහවලුන්ගේ පුතාලා. පව්, සැපගන්න ගිහින් දුකට පෙරලිච්චි හැටි...!
ප්‍රෙෂර් පෙත්ත ගන්න අය නිල් පෙත්ත ගහලා යනවා. තමන්ගේ හයිය පෙන්නන්න. ශරීරයේ රුධිර නාල ප්‍රසාරණය වී ප්‍රෙෂර් එක සීඝ්‍ර ලෙස පහළ ගොස් හෘදය අක්‍රීය වෙලා ඊළඟ ආත්මයට චුත වෙනවා...
අපරාදේ පව් වැඩේ. මෙයා සම්බාහනය කරද්දී දැක්ක දෙයක් නිසා ප්‍රෙශර් එක වැඩි වෙන්න ඇති.. ඔය කියන පෙති අරන් යන තරුණ අයත් සැප ගන්න ගිහින් ජීවිතෙත් නැතිකරගෙන එන්නේ. තමන්ගේ සරීරයේ ස්වභාවික ශක්තියට වඩා හිතේ තියන වල්කම වැඩි වුණාම මෙහෙම වෙනවා..
තායිලන්තය වගේ සම්බාහනය පුරුදු කළ අය සේවය කරන නීතිගත සම්බාහන මධ්‍යස්ථාන ආරම්භ කිරීමට නියාමනය සකසන්න. සංචාරක කර්මාන්තය වගේම කැමැත්ත ඇතී දේශීය කාන්තා පිරිමි දෙපක්ෂයම යාමට පුළුවන්කම තියෙන්න ඕනෑ. ආයුර්වේද නාමය ගෑවුණු ගණිකා නිවාස නොවේ. තායිලන්තය ප්‍රසිද්ධියේ පෙනෙන ලෙස සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා. මිල ඉතාම සාධාරණයි. රුපියල් දෙදහසකට ආසන්න මුදලක්...!
ඔක්කොම පෙත්තක් ගැන කියවනවා. සෑහෙන අත්දැකීම් තියෙනවා වගේ...
බොරු කියන්න ඕන නැහැ... මමත් ඉඳහිට ඔය මසාජ් එකක් ගන්න යනවා. ඔය කියන නිල් පාට පෙති මසාජ් කරන ගෑනු ළමයි ගාව තියෙනවා. එකක් රුපියල් 300 යි. බාගෙට මසාජ් කරලා.. අහනවා පෙත්තක් ඕනද කියලා. සල්ලි දුන්නාම පෙත්ත ලැබෙනවා. බීලා පැය කාලක් විතර ගියාම හිතෙනවා මසාජ් එකක් ගන්න නොවෙයි, ඒ ගෑනු ළමයාව මසාජ් කරන්න... එහෙම බීලා ගෑනු ළමයින්ව මසාජ් කරන්න ගිය සමහරුන්, හෝස්... ගාලා පණ පිටින්ම දිව්‍යලෝකේ ගිය ආරන්චිත් ඉඳහිට ලැබෙනවා. මම නම් තවම මේ ලෝකේ...
පාංසකූලෙට හාමුදුරුවෝ මේ උපාසක මහතා ගැන මොනවා දේශනා කරයිද ?