(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අන්තර්ජාලය මගින් දැන හඳුනාගත් කාන්තාවකගෙන් සම්බාහන සේවාවක් ලබා ගැනීම සඳහා ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයකට ගිය ව්‍යාපාරිකයෙකු බිය වැද්දු කාන්තාවකගෙන් සමන්විත සංවිධානාත්මක කල්ලියක් ඔහු සන්තකයේ තිබූ රන් ආභරණ ඇතුළු දේපළ රැසක් කොල්ලකා ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
කොල්ල කන ලද දේපළ අතර රුපියල් ලක්ෂ 32 කට අධික වටිනා පවුම් 14 1/2 ක් බර රන්මාල දෙකක් ,පෙන්ඩනයක් , ගල් අල්ලන ලද රන් මුදුවක් , අත් ඔරලෝසුවක් මෙන්ම මුදලින් රුපියල් 10000ක් වන බව පොලිසිය සඳහන් කරයි
වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි ව්‍යාපාරිකයා ඉකුත් 13 වෙනිදින අන්තර්ජාලය ඔස්සේ කාන්තාව හඳුනාගෙන ඇති අතර එම කාන්තාව සමග දුරකථනය මගින් සම්බන්ධ වී කතාබහ කර සම්බාහනයක් ලබා ගැනීම සඳහා කාන්තාවගේම දැනුම් දීම අනුව එදිනම දහවල් ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක කාමරයක් වෙන් කරවාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි
පැමිණිලිකාර ව්‍යාපාරිකාව එම කාමරයේ පළමු මහලේ කාමරයක රැඳී සිටියදී ඔහු විසින් අන්තර්ජාලය මගින් හඳුනාගන්න ලද කාන්තාව සමග කාමරයට පැමිණි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු ඔහුට තර්ජනය කරමින් අල්ලාගෙන සිටියදී කාන්තාව විසින් ව්‍යාපාරිකයා පැළඳ සිටි රන් ආභරණ, අත් ඔරලෝසුව මෙන්ම මුදල් තත්පර කීපයක් තුළදී කොල්ලකා පලා ගොස් තිබූ බව පොලිසිය කියයි
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1099
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සම්බාහනය මුවාවෙන් ව්‍යාපාරිකයාගේ රන් -මුදල් කොල්ලකාලා
Saman Dissanayake Thursday, 15 August 2024 02:36 PM
දැන් සැපද ?
රංබොඩ Thursday, 15 August 2024 03:20 PM
මෙවැනි කොල්ලකෑම් කිසිම තේරුමක් නෑනෙ. දැන් හැම තැනම කැමරා. සතියක් යන්න කලින් සේරම කොටු වෙනවා. ඊට පස්සෙ ජීවිතේ උසාවියෙයි , හිර ගෙදරයි.