
(අජන්ත කුමාර අගලකඩ)
සහල් නිෂ්පාදකයන් සහ සහල් මෝල් හිමියන් සහල් අලෙවි කළ යුතු උපරිම මිලක් පාරිභෝගික අධිකාරිය විසින් නියම කරනු ලැබ ඇත.
ඊට අදාළ ගැසට් නිවේදනය පාරිභෝගික අධිකාරිය විසින් අද (4) රාත්‍රියේ නිකුත් කරනු ලැබීය.
එම ගැසට් නිවේදනයට අනුව සුදු සහ රතු සම්බා කිලෝවක් සඳහා රුපියල් 94ක උපරිම මිලක් ද, සුදු සහ රතු කැකුළු සම්බා කිලෝවක් සඳහා රුපියල් 94ක උපරිම මිලක් ද, නාඩු කිලෝවක් සඳහා රුපියල් 92ක උපරිම මිලක් සහ සුදු හා රතු කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 89ක මිලක් ද නියම කර තිබේ.
සහල් නිෂ්පාදකයන් සහ මෝල් හිමියන්ට එම උපරිම මිල ගණන්වලට වඩා වැඩි මිලට සහල් වෙළෙඳාම් කිරීම එමගින් තහනම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිශ්පාදකයන්ට කිසිම ලාභයක් නැතිවිදියට අන්තිම සතෙට ගනන් හදලා තමයි මිල තීරණය කරන්නේ... එවිට හාල් මෝල් හිමියා සිට ගොවියා දක්වාම වී ගොවිතැන අත අරිනවා. තිරිගු පිටි සමාගම් රජ වෙනවා. රුපියල් 2 ක් 3 ක් වැඩි වුනා කියලා කවුරුත් මැරෙන්න යන්නේ නැහැ. බබාලන්තයම තමා අපේ ලොක්කෝ...
කලින් අඩුකරපු සීනි, සැමන්, බි ළූණු සතොසින් ගන්න පුළුවන්ද? ඒවා හොයාගන්න වත් නැහැ.... අහනකොට කියන්නේ ඒවා ඉවර වුණා කියලයි.
දැන් වැඩ බැරි අයගේ ජොබ් එක හරි. ඉතිරි වගකීම ජනතාවගේ.
අනේ අපිට නම් ඔය හාල් මිලෙන් ඇති වැඩක් නැහැ. අපි මේ දවස් වල කන්නේ බාස්මතී රයිස්. මොනා කලත් කමක් නැහැ අපේ ඩඩ්ලි මහත්තයාගේ අවසරය ඇතුව මිල ගණන් තීරණය කලොත් තමා හොඳ? ඒ උනාට මම නම් කියන්නේ බහුතරයකගේ පාරිභෝගික අවශ්‍යතාවයට පුන්නක්කු මිල පහත දමා සහල් මිල තව වැඩිකරන්න..
මේ පසුගිය ජනාධිපතිවරණයෙන් පසු සහල් මිල වැඩිකළ 3 වෙනි වතාව කියනවා ඇහෙනවා.
මෙවා දුරදිග නොබලා ගන්න මෝඩ තීරණ කියලා තමයි කියන්න වෙන්නේ.
මොනවද මෙ බොරු...? කාවද රවටන්න හදන්නේ... අපි කඩෙට ගියා ලොකුළූණු ගන්න රුපියල් 100ට. අපිට ලැබුණේ හුළං. ලොකු ළූණු කිලෝ 190යි. ජීවත් වෙන්න බැහැ ගන්න මුදලින්. ලොක්කගේ හාල් මිල ගැසට් එකේ තියෙයි. හැබැයි කඩෙ බඩුවල මිල ඊට වඩා වෙනස්... ඒකතමයි යථාර්ථය.. බොරු පොම්ප කරන මාධ්‍යවල අද උදේ ඉදන් ගුණ ගායනා කරයි මෙ කරපු වැඩෙ අතිවිශිෂ්ඨයි කියලා. හැබැයි ඔය කියන එකෙක්වත් වෙළදපළට ගිහිල්ලා බඩුවල මිලගණන්, ආණ්ඩුව කිව්ව විදිහට අඩුකරලා කියලා ජනතාවට ඔය නාලිකාවලින් පෙන්නන්න හදන්නේ නැහැ... ඔවුන්ගේ කාර්ය බොරු ජනගත කිරීමයි.
ජනාධිපතිතුමා හැමදාමත් කෘෂිකර්මාන්තයට මුල්තැන දී කටයුතු කරනවා. පොහොර සහනාධාරය දෙනවා. සහල් නිෂ්පාදනයේදී වැයවන ගෑස්, ඉන්ධන ආදියේ මිල වැඩිවීමක්වසර කීපයකින් සිදුවුණෙත් නැහැ. එනිසා සහල් මිල වැඩිකිරීමට හේතුවක් නැහැ.
බන්දුල සර් අපිට ආර්ථික විද්‍යාව ඉගැන්නුවේ වෙළෙඳපොල මිල තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම සහ වෙළෙඳපොල බලවේග අනුව කියලා.
පොල් වගේ කලු කඩ නිර්මාණය කරනවා වගේ...
පොල් වලට පාලන මිලක් දැම්මා නේද? ඒත් හැම තැනම පොල් ගෙඩියක් රුපියල් 100 යි. වැඩක් නැහැ. නිකන් බොරු ෂෝ..
උපරිම සිල්ලර මිල - ඩඩ්ලි නිපුණ පොලොන්නරුව, බන්දු මිලසූත්‍රය සහ 69 ලක්ෂය
ඩඩ්ලිගෙන් ඇහුවද? නැතිනම් ආයෙත් වෙනස් කරගන්න වෙයි .
හාල් මෝල් හිමියන්ගේ සංගමයේ ප්‍රවෘත්ති නිවෙදනය... සර් ඔයාගෙ ඡන්දෙට වියදම් කළේ ඔහොම බලාගෙන නොවෙයි.
සමයං තමයි...
රතු ළූණු කොහොමද? බොම්බයි ළූණු ළඟදි කෑවද? අල එහෙම කොහොමද..? දැන් සැපද..?
නිපුන නාඩු සහල් කි .5 බෑග් එකෙ සඳහන්කර ඇති මිළ රු.480 නමුත් කඩේ විකුණන මිළ රු..650 මේගැන වගකිව යුතු බලධාරීන්ගෙ ඇස්යොමුවේවා
මොරටුවේ ව්‍යාපාර ස්ථානයකට සහල් ලබා ගන්නේ කෙසේද?