IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


සාම්පල 24කින් 20ක්ම සැර කොරෝනා

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය කොවිඩ්  රෝගීන් 24 දෙනෙකුගේ ජෛව පටල සාම්පල ජාන විශ්ලේෂණයට ලක් කිරීමේදී  ඉන් සාම්පල 20 කම තිබී හමුවී ඇත්තේ වේගවත් පැතිරීමක් සහිත ප්‍රබල ඔමික්‍රොන් බී.ඒ 5 කොවිඩ්  අනු ප්‍රභේදය බව එම අංශයේ ප්‍රධානී  මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා  පැවසීය.

බී.ඒ අනු ප්‍රභේදය සහිත රෝගීන් බොහෝ දෙනකු  කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල අය බවද  හෙතෙම සඳහන් කළේය.

කොවිඩ්  රෝගීන්ගේ ජෛව පටල සාම්පල ජාන  විශ්ලේෂණය  කිරීමේ (සැර කොරෝනා ප්‍රභේද සෙවීමේ) තවත් පරීක්ෂණයක් ලබන 8 වෙනිදා සිදු කරන බව සඳහන් කළ ජීවන්දර මහතා එම පරීක්ෂණය මඟින්ද කොවිඩ් පැතිරීම සම්බන්ධයෙන් තවත් තොරතුරු සොයා ගැනීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

ලෝකය පුරා මේ දිනවල තදින්ම පැතිරෙන්නේ මේ නව අනු ප්‍රභේදය බවත් මේ ප්‍රභේදය හේතුවෙන් ඉදිරියේදී යම් අවදානම් තත්වයක් මතු වීමට ඉඩ ඇති බවත්  මහාචාර්යවරයා කීවේය.

ජනතාව මෙනිසා සෞඛ්‍ය නීති නිසියාකාරව පිළිපදිමින් කටයුතු කිරීම වැදගත් බව සඳහන් කළ චන්දිම ජීවන්දර මහතා  විශේෂයෙන්ම සෙනග ගැවසෙන  ස්ථානවල මුව ආවරණ පැළඳ  කටයුතු කළ යුතු බවද සඳහන් කළේය.

මෙම අනු ප්‍රභේදය සමග රටේ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් පෙනෙන්නට ඇතැයි  ඔහු වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

සාම්පල 24කින් 20ක්ම සැර කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 192 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 397 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 168 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site