
(තුෂාර සිල්වා සහ යොහාන් භාසුර)
සාම්පූර් හි සූර්ය බලශක්ති බලාගාරය ආරම්භ කිරීම සඳහා වන ඒකාබද්ධ/හවුල් සංවර්ධන ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේ දී අද (11) පස්වරුවේ සිදු කෙරුණි.
ඉන්දියාවේ ජාතික තාප බලශක්ති සංස්ථාපිත සමාගම සහ ලංකා විදුලි බලය අතර මෙම ඒකාබද්ධ සංවර්ධන ගිවිසුමට අත්සන් තැබිණි.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සහ විදුලි බල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුමට අත්සන් තැබුණු අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.
අමාත්‍යවරුන් සිවුදෙනකුගේ ප්‍රධානත්වයෙන් ගිවිසුමට අත්සන් තැබුණු බව මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව බලන් ඉන්නවා.. රට වැටෙන්න ඇරලා හිඟාකන ගාණට වැටුණාම අපේ නිෂ්පාදන, ව්‍යාපාර, සහ සේවාවන් අල්ලගන්න. අරයා බලන් ඉන්නවා ආර්ථිකය වැටිලා හිඟාකන ගාණට ආපුවාම ලෝක බැංකුවට, නැතිනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කියලා රටේ බලය ලබාගන්න. අනේ අපට වූ දෙයක්...