IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සාම්පූර් සිද්ධියට තිදෙනෙක් රිමාන්ඩ්

(ගයාන් සූරියආරච්චි)

අධිකරණ නියෝගයක් කඩකළ බව කියන ත්‍රිකුණාමලය සාම්පූර් ප්‍රදේශයේ කාන්තාවක අත්අඩංගුවට ගැනීමට ඇයගේ නිවෙසට ගිය අවස්ථාවේදී පොලිසියට තර්ජනය කළ සැකකාරියගේ දියණිය ඇතුළු තිදෙනකු අද (14) අත්අඩංගුවට ගෙන මුතූර් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රතාත්වරයා නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය.

අත්අඩංගුවට ගැනීමට ගිය සැකාකාරියගේ දියණිය සිය ගෙල ප්‍රදේශයට පිහියක් තබා සියදිවි හානිකර ගන්නා බවට පොලිසියට තර්ජනය කරකරමින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පොලිස් රාජකාරියට බාධා කර ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

එහිදී පොලිසිය එම තත්ත්වය පාලනය කර එම ස්ථානයේ සිටි සැකකාරිය, ඇයගේ දියණිය සහ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඒ අනුව අධිකරණය නියෝගයකට අකීකරුවීම, අන්තරාදායක ආයුධවලින්, ක්‍රමවලින් හෝ කැමැත්තෙන්ම තුවාල සිදුකිරීම, රජයේ සේවකයකු නිසි පරිදි ප්‍රකශ කරනු ලැබූ ආඥාවකයට අකීකරුවීම හා සාපරාධි බියගැන්වීම යන වරද ඔස්සේ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙම සිද්ධිය වූ අවස්ථාවේදී එක් සැකකාරියක් විසින් තියුණු ආයුධයකින් සිදුකරන ලද පහරදීමක් හේතුවෙන් කාන්තා පොලිස් නිලධාරිනියක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව නිහාල් තල්දූව මහතා පැවැසීය.

 



අදහස් (0)

සාම්පූර් සිද්ධියට තිදෙනෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site