(යොහාන් භාසුර)
සෑම පළාත් සභාවකම තොරතුරු අනුව සමූපකාර ව්‍යාපාරය මැරීගෙන යන ව්‍යාපාරයක් යැයි සාක්ෂිවලින් ඔප්පු වී ඇති බවත් ග්‍රාමීය සාමාජිකත්වය දරණ සමූපකාරවලට රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය දියයුතු බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
සමහර සමූපකාර සමිති නිෂ්පාදන සමිති, සමහර ඒවා වෙළඳ බෙදාහැරීමේ සමිති මෙන්ම සමුපකාර ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය ගොඩනගපු යෝධයා බව කී අග්‍රාමාත්‍යවරයා යළිත් සමුපකාර ව්‍යාපාරයේ නැගීම සඳහා හඳුනාගෙන ඇති පුනර්ජීවනය කිරීමේ වැදගත් කොටස් සක්‍රිය කළ යුතු බව ද සඳහන් කළේය.
සමුපකාර කොමසාරිස්වරු ඇතුලු සෑම නිලධාරියෙක්ම වැඩ කිරීමට වහාම සූදානම් විය යුතු බවත් නිෂ්පාදන සහ බෙදාහැරීම්දාමය ශක්තිමත් කිරීමට ග්‍රාමීය ආර්ථිකයේ හදවත වැනි ව්‍යාපාරයක් වූ සම්පකාර ව්‍යාපාරයට හැකි පමණ හුස්ම දීමට කටයුතු කරනවා මිස එය මරාදැමීමට උත්සහ නොකළ යුතු බවත් අග්‍රාංමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කීය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පළාත් ආණ්ඩුකාරවරු සමග කොළඹ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
10%ල ,ඔයා ,ඔයාගේ සුදුළුනු මල්ලි ඇතුළු ඔක්කොම එකතු වෙලා රටක ආර්ථිකයම මරල දාල තියෙන්නේ.තෙල් ලීටර් 440ක් ඇතිද සුදෝ ???
සමූපකාරය මරන්නේ වෙන කවුරුත් නෙවේ සමුපකාර දෙපාර්ථමේන්තුවේ නිලධාරීනුයි දේශපාලන පක්ෂයි. උදාහරණ ඕන තරම් තියෙනවා. සමුපකාර ඡන්දවලට මොකටද දේශපාලනය?
අනේ පිං අගමැති තමුන් තවත් රට කන්නැතුව පුලුවන්නම් ඡන්දයක් තියන්න.
If you guys do not kill, it will be developed
ආපහු සමුපකාර මරලතෝනියක්
සමුපකාරය නැති කෙරුවේ දූෂිත දේසපාලුවෝ සහ ඇතුලේම හිටපු නිළධාරියො තමා.
අගමැතිතුමනි, තැන්පත් කරුවන් අගාධයකට ඇද දමා අසරණ කොට ඇති සණස බැංකු ව්‍යාපාරය සම්බන්ධයෙන්ද අවධානය යොමු කොට එම තැන්පත් කරුවන්ට සහනයක් සලසන්න.